ඇමරිකාවේ පමණක් සිටින අපගේ විශේෂඥයින් සියල්ල එකතුකර ගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රටක් බවට පත් කිරිමට එයම ප්‍රමාණවත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පිටිපන හෝමාගම තාක්ෂණික නගරය සඳහා මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවයකට සහභාගී වෙමිනි.
‘දැනුම ඇති ඕනෑම පුද්ගලයකු අපගේ රටට ගන්නවා යන ප්‍රතිපත්තියෙහි ඇමරිකාව කටයුතු කරනවා. ඔවුන් ඉදිරියට යන්නේ ඒ නිසයි. දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් මෙරට රඳවාගෙන නවෝත්පාදන ආයතන බිහි කිරිම දියුණුවේ මුලයි’.