වෛද්‍යවරුන්ගේ සංගමය පෞද්ගලිකව එල්ල කරන ක්‍රියාකාරකම් වලට තමන් නොසැලෙන අතර තම අමාත්‍යාංශය විසින් ගන්නා සෑම ක්‍රියාකාරකමක් ම ඉතාම විනිවිද භාවකින් සිදුකරන නිසා ඊට විරුද්ධව කිසිම කෙනෙකුට අභියෝග කළ නොහැකි බව අකිල විරාජ් කාරියවසම් ඇමැති පැවසීය.
මෙම ක්‍රියා වලට බිය නොවී ඉදිරියට පැමිණිය යුතු බවත් මේ බමුණු කුල කැඩිය යුතු බව ඇමැති කීවේය.
බත්තරමුල්ලේ පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රය නවීකරණ කටයුතු කරවා මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පැවරීම හා එහි කටයුතු ආරම්භ කිරිමේ නිල උත්සවයේ දී ඇමැති එසේ කීවේය.