මේ වනවිට බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයා ඇති රාජ්කුමාර් හිරුණිගේ "පීකේ" චිත්‍රපටය ඉදිරි සතියේදී ජපානයේද තිරගත කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්. මේ පිළිබඳව රාජ් කුමාර් මාධ්‍ය දැනුම්වත් කරමින් පවසා ඇත්තේ "ඩුම්" 3 වැනි චිත්‍රපටය මෙන්ම "බාග් මිල්කා බාග්" චිත්‍රපටයද ජපානයේ ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ නිසාම "පීකේ" චිත්‍රපටයද එහිදී සාර්ථක ආදායමක් උපයාගනු ඇති බවයි.
මෙම චිත්‍රපටය මේ වනවිට ජපන් භාෂාවෙන් හඬකවන්නටද කටයුතු යොදා ඇති අතර, ඉදිරි දිනකදී මෙහි ප්‍රචාරක කටයුත්තක්ද ජපානයේ සිදුකිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ මේ වනවිට බොලිවුඩ් ආදායම් බිඳදමමින් තිරගත වන සල්මාන් ඛාන්ගේ "සුල්තාන්" චිත්‍රපටය "පිකේ" චිත්‍රපටය ලබා ඇති ආදායම ඉක්මවා යනු ඇති සැකයක් මත රාජ්කුමාර් මෙම චිත්‍රපටය ජපානයේ තිරගත කරන්නට උත්සාහ කරන බවය.