'Live Script' 26 දා කරාපිටියේදී


රිච්මන්ඩ් විද්‍යාලයීය 2000-2010 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධාන කරන ‘Live Script’ සංගීත ප්‍රසංගය එළඹෙන 26 වැනිදා පස්වරු 6.30 ට ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ‍

ජිප්සීස් නායක සුනිල් පෙරේරා, රූකාන්ත ගුණතිලක සහ ළහිරු පෙරේරා ගායනයෙන් දායක වන මෙහි සංගීතය Daddy සංගීත කණ්ඩායමෙනි. Voice Print කණ්ඩායමද එම ප්‍රසංගය සඳහා දායක වන අතර, එහි කථනය ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගෙනි.

ප්‍රසංගය පිළිබඳ වැඩිදුර විමසීම් 0777 387 770 (අසේල) / 0775 111 276 (බෝධි) ඇමතීමෙන් ලබාගත හැකිය.

 

2016-11-23-ent-106