1980 දශකයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන "Dead or Alive" සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම එහි ආරම්භයේ සිටම ගායකයෙකු ලෙස කටයුතු කළ සුප්‍රකට බ්‍රිතාන්‍ය ගායක පෙටී බර්න්ස් පසුගිය ඔක්තෝම්බර් 23 වැනිදා මෙලොවින් සමුගෙන ඇත. මිය යන විට 57 වැනි වියේ පසුවූ ඔහු මිය යාමට හේතුව දරුණු හෘදයාබාධයක් බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශයට පත්කොට ඇත.
ගායකයෙකු, ගීත රචකයෙකු සහ රූපවාහිනී නාළිකාවන්හි නිවේදකයෙකු ලෙස කටයුතු කළ බර්න්ස්, සංගීත ක්ෂේත්‍රයේ මනා නිපුණත්වයකින් යුක්තවූවකු විය. 1980 වර්ෂයේදී ලිවර්පූල් හිදී "Dead or Alive" සංගීත කණ්ඩායම ආරම්භ කිරීමෙන් අනතුරුව 1985 වර්ෂයේදී එළිදක්වනු ලැබූ ගීත ඇල්බමයේ වූ "Youthquake" "Lover Come Back To Me" "Brand New Lover" වැනි ගීත ඔස්සේ මහත් ප්‍රසිද්ධත්වයට පත් වූවෙකි.