''සෙවනැල්ලෙන්‘‘ ලංකාවට කීර්තිය


 ඇමරිකා එක්සත් ජනපදයේ  ප්ලැට්ස්බර්ග් නගරයේ  පැවැත්වුනු පළමු ලේක්  චැම්ප්ලේන් අන්තර්ජාතික සිනමා උළෙලෙින් හොඳම සිනමා කැමරාකරණයට හිමි  සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උලෙලට ඉදිරිපත් කළ  ‘සෙවනැලි‘   සිනමා පටයේ කැමරා අධ්‍යක්ෂක විශ්ව බාලසුරිය සමත් විය.

 යොවුන් සිනමා අධ්‍යක්ෂක උදාර අබේසුන්දරගේ කුළුඳුල් සිනමාපටය ‘සෙවනැලි‘  හරහා සිනමා කැමරා අධ්‍යක්ෂණයට පිවිසෙන විශ්ව බාලසුරිය අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ලාබාලතම කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස ඉතිහාසයට එක් වෙයි.

තම කුළුදුල් සිනමා පටයට හිමි වු සම්මානයද රැගෙන එහි අධ්‍යක්ෂක උදාර අබේසුන්දර මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියේය. එහිදී ඔහුගේ පියා  ඩොනල්  අබේසුන්දර සහ මව පද්මිණී අබේසුන්දර,   විශ්වගේ මව රේණුකා බාලසුරිය මහත්මිය ඇතුළු කලා ශීල්පීහු  ඉතා උනුසුම් අන්දමින්  පිලිගත්තේය.

එමෙන්ම  ඩිජිටල් මාධ්‍යයෙන් නිෂ්පාදිත සිනමාපටයක කැමරා අධ්‍යක්ෂණය  උදෙසා අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලැබු ශ්‍රී ලංකාවේ පළමු කැමරා අධ්‍යක්ෂක ලෙසත් සිය කුළුදුල් කැමරා අධ්‍යක්ෂණය උදෙසා අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලැබු ශ්‍රී ලංකාවේ දෙවැනි කැමරා අධ්‍යක්ෂක ලෙසත්, හැටහත් වසරක ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ කැමරා අධ්‍යක්ෂණය උදෙසා අන්තර්ජාතික සිනමා සම්මානයකින් පිදුම් ලැබු තෙවැනි කැමරා අධ්‍යක්ෂක ලෙසත්  විශ්ව ඉතිහාසයට එක් වෙයි.

 

IMG_1167(1) IMG_1170(1) IMG_1170 IMG_1172 IMG_1177(1) IMG_1182 IMG_1185 IMG_1193(1)