‘‘නෝර්වේ හැම විටම ශ්‍රී ලංකාවේ සාමය ප‍්‍රාර්ථනා කළ රාජ්‍යයක්. ඒ වගේම මෙරට සියලූ ජනතාවගේ සුබසිද්ධිය අපේක්ෂා කළා.වසරකට පෙර ශ්‍රී ලංකාව ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණය මෙරට වෙනසකට මුලපිරූවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර,කෘෂිකාර්මික හා සූර්ය බලශක්තිය යන අංශයන් හි තාක්ෂණික සහයෝගීතාවය ගැන අවධානය යොමු වුණා. නෝර්වේ රාජ්‍යය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයක් ලෙස ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථාවන් ඇරඹීම කෙරෙහි අවධානය යොමු කරන බවත් නෝර්වේ විදේශ ඇමැති බොර්ගේ බ්‍රෙන්දේ මහතා අද (07) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ප්‍රකාශ කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් නොර්වේ රජය පෙනී සිටින බවත්, බහුසංස්කෘතික අංශයන්හි සංවර්ධනය ගැන සැළකිල්ලට ගනිමින් ප‍්‍රතිසන්ධාන කටයුතු මෙහෙයවිය යුතු බවද ඔහු පැවසිය.






