' රා වරය එපා ' : පෙත්සම් විභාගය කල් යයි


කොළඹ රා තැබෑරුම් බල ප‍්‍රදේශ  පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත‍්‍රික් ලේකම්  නිකුත් කළ ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා කොළඹ  සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 15 වැනි දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , ප‍්‍රියන්ත ජයවර්ධන  සහ උපාලි අබේරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  හමුවේ   පෙත්සම සළකා බැලීමට දින නියම විය.

කොළඹ 14 ඉසිපතනාරාමාධිපති මාදම්පාගම අස්සජි , කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂවර් කෝවිලේ පුජක සිවරාජා චන්ද්‍රකුමාර් , සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු   ආගමික නායකයෝ  මෙම පෙත්සම ගොනු කළහ.