ආණ්ඩුපක්ෂය නැමැති නැවේ සිදුරු ඇතිවෙමින් තිබෙන බවත් ඒ සිදුරු ඉක්මණින් වසා නොදැමුවහොත් නැව ගිලී යන බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න කියයි. ඉහළින්ම රැඳී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පල්ලම නොපෙනෙන බවත් එය පෙන්වාදීමට පහළ සිටින මැති ඇමතිවරු ඉඩ නොදෙන බැවින් උපවාස කිරීමෙන් ද පළක් නොලැබෙන බව ඔහු පවසයි. පත්වීම් දෙන බව කියා සිය සඟයන් දෙදෙනකුට පත්වීම් නොදීමට විරෝධය දක්වමින් ඊයේ (15) ගාල්ලේ පිහිටි දකුණු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අතහැර දමමින් හෙතෙම මේ බව කියා සිටියේය.