සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල මොනවද කරන්නෙ? කියලා ඇයගෙන් ඇහුවාම, ඇය අපට කිව්වෙ ”සිනහව අතරින්” කියලයි. ටෙලි නාට්‍යවලට පසුගිය කාලයේදී වැඩිපුර දායක නොවූ සේමිණි ”සිනහව අතරින්” කියලා කිව්වෙ කුමකටද? මේ පිළිසඳරට ඒ ගැන සහ තවත් විස්තර ඇය කියාවි.
සේමිණි මොනවද මේ දිනවල කරන්නෙ?
”සිනහව අතරින්”
සිනහව අතරින් කිව්වෙ?
සනත් ගුණතිලක මහතාගේ අලූත්ම සිනමා නිර්මාණයයි. මේ දිනවල එහි රඟපෑම් වලට දායක වෙනවා.
කොච්චර කාලයකට පසුවද චිත‍්‍රපටයක රඟපාන්නෙ?
ටෙලි නාට්‍යයකට නම් අවුරුදු දෙකහමාරකින් විතර දායක වුණේ නැහැ. ඒත්, චිත‍්‍රපට හතරකට විතර දායක වුණා. මීට පෙර රූගත කළ ප‍්‍රසන්න ජයකොඩිගෙ ”38 - ශ්‍රී” චිත‍්‍රපටයේ රඟපෑවා.
ඇයි ටෙලි නාට්‍ය වලින් ඈත් වුණේ?
හොඳ නිර්මාණයක් නොලැබුණ නිසා කාලය ගෙවී ගියා. මට දැනෙන චරිතයක්, රංගනයෙන් උපරිම දෙයක් ඉදිරිපත් කළ හැකි චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.
මේ චිත‍්‍රපටය මොනවගේ කතාවක්ද? මෙහි ඔබ රඟපාන චරිතය මොන වගේද?
මෙහි ප‍්‍රධාන චරිත හැටියට තිබෙන්නෙ චරිත තුනක් විතරයි. සනත් ගුණතිලක, ක‍්‍රිස් හැරස් සහ මම ප‍්‍රධාන චරිත රඟපානවා. මෙම කතාවෙ හැටියට කාන්තාව විවාහ වී සිටින්නෙ සුදු ජාතිකයෙකු සමගයි. වගකීම් පැහැර හරින විට සිදුවන පේ‍්‍රමාන්විත කතා පුවතක් මීට ඇතුළත්.
සැබෑ ජීවිතේ ඔබ කොහොම කෙනෙක්ද?
මාත් ඉතිං ඉතාම සාධාරණව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.
කලා ක්ෂේත‍්‍රය දැනෙන්නෙ කොහොමද?
බොහොම සුන්දර තැනැක්. සුන්දර මිනිසුන් වගේම එක එක අධ්‍යාපන මට්ටම්වල සිටින අයත් සිටිනවා. ඒත් සුන්දර තැනක්. ලබන අත්දැකීම් බොහොමයි.
ක්ෂේත‍්‍රයේ අය එක්ක තියෙන බැඳීම මොන වගේද?
බැඳීම් බොහෝදුරට අඩුයි. තියෙන්නෙ හිත මිත‍්‍රකම් විතරයි. දුකට සැපට තරා තිරම නොබලා ඕනෑම කෙනෙකුට මගෙන් උදව්වක් ඕනෑ වුනොත් පුළුවන් විදියට පිහිට වෙනවා. ඒ වගේම අසාධාරණයකදී ඕනෑම කෙනෙක්ට මගේ සීමාවේ සිට පෙනී සිටිනවා.
.jpg)
අද ලොකු පුවතක් සහෝදර ශිල්පිණියක සමග. ඔබ එය දකින්නෙ කොහොමද?
ඇත්තටම මම නඩු කියන්න උසාවි යන්න කැමති නැහැ. ඒවා හරිම කරදර දේවල්. ඒත් මට මගේ පවුලට වෙච්ච අපහාසය වෙනුවෙන් මට වෙන යමක් කරන්න තිබුණෙ නැහැ. මේ නීතියේ පිහිට හැර.
ඔබ ඇය එකට රඟපාලා තියෙනවා නේද?
ඔව්. නාට්‍ය තුන හතරක වගේ රඟපාලා තියෙනවා.
මෑතකදී විකාශය වුණේ?
සුදත් රෝහණ මහතාගේ ස්වයංජාත නාට්‍යයේ මගේ හොඳම යෙහෙළියක ලෙස රඟපෑවා.
එදා ඒ නාට්‍යයේ රඟපාද්දි ඔබ දෙපෙළගේ මිත‍්‍රත්වය මොන වගේද?
හොඳ යාළුවෝ වුණා. සහෝදරාත්මකව අපි ඒ නාට්‍යයේ රඟපෑවා.
කලා ක්ෂේත‍්‍රයේ සහෝදර බැඳීමක් තිබියදී මෙවැනි තීරණයක් ගැනීම ගැන කොහොමද හිතන්නෙ?
ඇත්තටම එවැනි දේවල් හොඳ නොවෙන්න පුළුවනි. හොඳ නැති වෙන්න ඇති. ඒත් මගේ පසුබිම සහ මා පත්වූ තත්ත්වය මත සාධාරණ තීන්දුවක් මම ගත්තෙ.
එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න තිබුණනෙ?
වැරැද්ද සිදුවූ පසු එය නිවැරදි කරගන්න පුළුවන් දෙයක් නොවෙන්න පුළුවන්. මේ සිදුවීම නිසා මගේ සැමියා ධම්මික ඉද්දමල්ගොඩ නොවන්නට මගේ පවුල දැනටමත් කැඩිලා. අපි දෙන්නා අතර තියෙන බැඳීම හරි ඉහළයි. මම අඬනකොට එයා මාව සැනසුවා.
ජීවිතේ කොහොමද ගෙවී යන්නෙ?
ඉතාම සුන්දරව සැහැල්ලූවෙන් හරිම සරලව ගෙවී යනවා. ඒත් තව දෙයක් කියන්නම ඕනෙ.
ඒ මොකක් ගැනද?
මගේ නමින් ෆේස්බුක් අඩවියේ වෙනත් අය පෙනී සිටිනවා. මම වගේ පෙනී සිටිමින් බොරු ප‍්‍රචාර, මඩ ප‍්‍රචාර යවනවා. ඒවාට අහුවෙන්න එපා කියලා මම මගේ ආදරණීය රසිකයින්ට කියනවා.
|