නිද්‍රාශීලී සතියක්


ජනපති සතිය

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ආරාධනයකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ රටින් පිටව ගියේ පැරිස් නුවර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම ඇතුළු යූරෝපා සංචාරයක් වෙනුවෙනි. සෙනසුරාදා අලුයම මෙරටින් පිටත්වීමට පෙර ජනපති රනිල් ඔහු ඇමැති ධුර දරන මුදල් අමාත්‍යාංශයේ වගකීම් ශෙහාන්ටත්, ආරක්ෂක අමාත්‍ය ධුරයේ වගකීම් ප්‍රමිතටත් බාර දුන්නේය.

පළමුව ලන්ඩනය බලා පිටත්ව ගිය ජනපති රනිල් ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ සැසිවාරයට සහභාගී වූවේය. ලන්ඩනය බලා පිටත්ව ගිය ජනපති මුලින්ම මුණගැසුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ය. 

පළමුව ලන්ඩනය බලා පිටත්ව ගිය ජනපති රනිල් ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ සැසිවාරයට සහභාගී වූවේය. ලන්ඩනය බලා පිටත්ව ගිය ජනපති මුලින්ම මුණගැසුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ය. 


මාස කිහිපයක් තුළ ලංකාව පැවැති තත්ත්වයෙන් වෙනස්වීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ මහ ලේකම්වරිය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ආරම්භ කෙරෙන ඩිජිටල්කරණ වැඩසටහන් ගැන ද ජනපති දැනුම්වත් කළාය.  දේශගුණික විපර්යාස ගැන ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ගැන ද ඇය සිය ප්‍රසාදය පළ කළාය.
ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ 40 වැනි සංවත්සරයට සමගාමීව පැවැති වාර්ෂික සංසදයේදී ජනපති රනිල් කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මුණගැසී සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම ගැන මෙන්ම දේශගුණික විපර්යාස හා සංහිඳියාව ගැන ද අදහස් හුවමාරු කර ගනු ලැබිණ.

කැනඩා හිටපු අගමැති මෙහෙය වූ සාකච්ඡාවේදී පසුගිය සමයේ මෙරට ඇතිවූ අර්බුදකාරී තත්ත්වය ගැන ද විමසා තිබුණි. ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සමුළුව නිමවා ජනපති රනිල් පිටත්ව ගියේ කලක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නෙරන්ජන් දේවාදිත්‍යගේ නිවසටය. ඒ ඔහු සූදානම් කර තිබූ උපන් දින සාදයකට එක්වීම සඳහාය.

මෙයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මෙන්ම සිටින මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටි බව ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ට ද දැනගන්නට ලැබුණි. ලන්ඩනයේ සිට ජනපති රනිල් පැරිසිය බලා පිටත්ව ගියේ ඉකුත් බදාදාය. ප්‍රංශයට පැමිණි ජනපති රනිල් ඇතුළු දූත කණ්ඩායම 22 හා 23 දා පැවැත්වෙන නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේදී කරනා කතාව වෙනුවෙන් සූදානම් වූවෝය.


පැරිසියේ සිටින ජනපති රනිල් බදාදා පෙරවරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ පැට්‍රිෂියා ජෝජිවා මුණගැසී සාකච්ඡා කළේය. මෙරට ආර්ථික ක්‍රියාවලිය ගැන සතුට පළ කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකාව දිගටම මෙරටට උදව් කරන බව කියා සිටියාය.

ජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරස්, ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදල් ලේකම්, නෙදර්ලන්ත නියෝජ්‍ය අගමැති මෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද මුණගැසී සාකච්ඡා කළේ සිකුරාදා ය.

ජනපති සිය නිල සංචාරය නිමකොට සඳුදා මෙරටට පැමිණීමට නියමිතය.

බෝගොල්ලාගම සහ තායිලන්තයේ ඇතා

විදේශගත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාෙව් තොරතුරු විමසුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙනි. ජනපති ලේකම් පවතින තත්ත්වය දැනුම්වත් කළ අතර එහිදී කාරණා තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.


ඒ දූෂණ මර්දන පනත, රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීම ගැන මෙන්ම තායිලන්තයෙන් මෙරටට ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු නැවත එරටට ගෙන යාමේ සිද්ධිය ගැනය.


රෝහිත බෝගොල්ලාගමගේ පත්වීම සම්බන්ධයෙන් ජනපති ලේකම්ගෙන් තොරතුරු විමසා සිටියේ එහි පැමිණි සුසන්ත පුංචිනිලමේ හිටපු මන්ත්‍රීවරයාය.

“ජනාධිපතිතුමාගෙන් මේ ගැන විමසූ හැමෝටම එතුමා කාරණා කිහිපයක් කිව්වා. එකක් තමයි මේ පත් කිරීමේ නිර්දේශය එන්න ඕනැ විදේශ ඇමතිතුමාගෙන් කියන කාරණය. අනෙක් පැත්තෙන් බැලු‍වාම බෝගොල්ලාගම කියන්නේ හිටපු විදේශ ඇමති කෙනක්. ඉතින් ඔහුට තිබෙන සම්බන්ධතා ප්‍රමාණය වැඩියි. යුරෝපා සංගමයේ මතවාදය හැදෙන්නේ මෙතන. ඒක අපිට වැදගත්.” ලේකම් සමන්ගේ පිළිතුර එය විය.

“ජනාධිපතිතුමාගෙන් මේ ගැන විමසූ හැමෝටම එතුමා කාරණා කිහිපයක් කිව්වා. එකක් තමයි මේ පත් කිරීමේ නිර්දේශය එන්න ඕනැ විදේශ ඇමැතිතුමාගෙන් කියන කාරණය. අනෙක් පැත්තෙන් බැලු‍වාම බෝගොල්ලාගම කියන්නේ හිටපු විදේශ ඇමැති කෙනක්. ඉතින් ඔහුට තිබෙන සම්බන්ධතා ප්‍රමාණය වැඩියි. යුරෝපා සංගමයේ මතවාදය හැදෙන්නේ මෙතන. ඒක අපිට වැදගත්.” ලේකම් සමන්ගේ පිළිතුර එය විය.


“බෝගොල්ලාගමට විරුද්ධව විශාල මඩ ප්‍රචාරයක් යනවා.” ඒ මතු කිරීම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්නගෙනි.


“ඔව් මෙතන දෙපැත්තක් තියෙනවානේ. විදේශ සේවයේ නිලධාරීන් පහතට දානවා නෙවෙයි. නමුත් මෙතන ජනාධිපතිතුමාගේ මතය හොඳින්ම දන්නේ රෝහිත බෝගොල්ලාගමයි. මොකද ඔහු කාලයක් ජනාධිපතිතුමා එක්ක වැඩ කළානේ. යුරෝපයේ වැඩපිළිවෙළට රෝහිත වගේ කෙනෙක් තමයි සුදුසු කියන මතය ආණ්ඩුව තුළත් තියෙනවා.” ජනපති ලේකම් තමන්ට ලැබුණු තොරතුරු හෙළි කළේ එලෙසිනි.


ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් තවත් බරපතළ කාරණයක් මතු කළේය. ඒ මෙරට ට තායිලන්ත රජයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු රටට අහිමිවීමේ පුවතකි.

“අපි මෙතනදී තායිලන්තය තරහා කරගන්න බෑ. මොකද තායිලන්තය කියන්නේ අපිට ඉතාම හිතවත් රටක්. අනෙක් පැත්තෙන් වැඩිම සංඛ්‍යාවක් ථෙරවාදී බෞද්ධයෝ ඉන්න රට. ඒ නිසා ජනාධිපතිතුමා ආවට පස්සේ මේ ගැන කතා කරන්න. මේක ජාත්‍යන්තර සත්ව ආරක්ෂණ සම්මුතිය යටතේ පැනනැගුණු ගැටලුවක්.” මන්ත්‍රී වජිර කීවේ එවැන්නකි.

“අපි මෙතනදී තායිලන්තය තරහා කරගන්න බෑ. මොකද තායිලන්තය කියන්නේ අපිට ඉතාම හිතවත් රටක්. අනෙක් පැත්තෙන් වැඩිම සංඛ්‍යාවක් ථෙරවාදී බෞද්ධයෝ ඉන්න රට. ඒ නිසා ජනාධිපතිතුමා ආවට පස්සේ මේ ගැන කතා කරන්න. මේක ජාත්‍යන්තර සත්ව ආරක්ෂණ සම්මුතිය යටතේ පැනනැගුණු ගැටලුවක්.” මන්ත්‍රී වජිර කීවේ එවැන්නකි.
“ඔව් ඒක ඇත්ත. අපි ඔවුන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන කතා කරනකොට අපිට ඒ රටට යන්න මුදල් තිබුණේ නෑ. අපිට තායිලන්තයට ගිහිල්ලා එන්න ලොකු මුදලක් වැය වෙන නිසා ඔවුන් මුදල් වියදම් කරගෙන ලංකාවට ආවා අපිට උදව් කරන්න.” ජනපති ලේකම් අතීතය සිහිපත් කළේ එලෙසිනි.


ජනපති උපදෙස් මත ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක පස්වෙනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරයට සහභාගී වූවේය. එහිදී තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනා හා අදහස් ජනපතිතුමන් වෙත බාරදීමට ඔහු තරුණ මන්ත්‍රීවරුන් දැනුම්වත් කළේය.

බල මණ්ඩල අසූවේ  මෙහෙයුම

ජනපති රනිල් මෙරට නොසිටිය ද ඔහු විසින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්ට හා නියෝජ්‍ය නායක රුවන් ඇතුළු කණ්ඩායම වෙත භාරදුන් රාජකාරිය ඔවුන් කැපවීමෙන් ඉටු කරමින් සිටිති. පක්ෂ බල මණ්ඩල 80 ක ඉලක්කයක් සපුරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බැවින් එම ඉලක්කය වෙනුවෙන් පක්ෂ නිලධාරී කණ්ඩායම වෙහෙස ගනිමින් සිටිති.

රංගෙ එක්ක පින්තූර 

මහ ලේකම් රංගේ බණ්ඩාර සඳුදා හා අඟහරුවාදා යන දින දෙක තුළ සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටී.
සිරිකොත පක්ෂ මූලස්ථානය මේ වන විට කාර්ය බහුල ස්ථානයක් වී ඇත්තේ පාක්ෂිකයන් මෙන්ම ස.ජ.බ හා පොදුජන පෙරමුණේ සාමාජිකයන් එහි පැමිණීම හේතුවෙනි. ඔවුන්ගේ දුක්ගන්නාරාල බවට පත්ව ඇත්තේ මහ ලේකම් රංගේය. මහ ලේකම් මැදිහත් වී පැමිණෙන බහුතරයගේ ගැටලුවලට විසඳුම් ලබාදීම නිසා මේ පිරිස් සිරිකොතින් නික්ම යන්නේ රංගේ සමඟ ඡායාරූපයක් ද ගෙනය.

IMF ගැන විපක්ෂයෙන්  බරපතළ කතා 

විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව පසුගිය සතියේ ද රැස්විය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර සිදුවී ඇති ගිවිසුමේ බරපතළ ගැටලු‍ පිළිබඳව ය. කළබලයට හා තම තමන්ට හිතු මතේට අයි.එම්.එෆ්. එක කියන කියන කොන්දේසිවලට එකඟ වූ තත්ත්වයක් සිදුව ඇති බව එහිදී සියලු‍ දෙනාගේ අදහස විය.


‘‘දැන්වත් කලබලකාරී තීන්දු තීරණ නොගෙන විපක්ෂයට සියලු‍ කරුණු කාරණා හෙළිදරව් කරන්න ඕනැ”‍ මහාචාර්ය ජී.එල්. පීරිස් කීවේය.”

අපි කියන්නේ විපක්ෂයත් ආණ්ඩුවත් එකම හඬින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීමට එක්වෙමු. පක්ෂ, පාට, ආගම්, ජාති භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකම හඬින් මේක කීවනම් අපිට රට වෙනුවෙන් සෑහෙන්න ජයග්‍රහණ ගන්න පුළුවන්. ඒත් ආණ්ඩුව අමනෝඥ යි”‍ එහෙම කීවේ නාලක ගොඩහේවා ය.

අපි කියන්නේ විපක්ෂයත් ආණ්ඩුවත් එකම හඬින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීමට එක්වෙමු. පක්ෂ, පාට, ආගම්, ජාති භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකම හඬින් මේක කීවනම් අපිට රට වෙනුවෙන් සෑහෙන්න ජයග්‍රහණ ගන්න පුළුවන්. ඒත් ආණ්ඩුව අමනෝඥ යි”‍ එහෙම කීවේ නාලක ගොඩහේවා ය.
‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැහැදිලි බලපෑමක් සිදු කර විශ්‍රාමිකයන් ඇතුළු සියලු‍ දෙනාගේ තැන්පතු රැකගන්න පුළුවන් ”‍ ඉරාන් කීවේය.

‘‘හරි දේට හරි කිව්වට වැරදි දෙයට එකඟ නොවන බවත් විවිධ උප්පරවැට්ටි එකඟතාවලට හිර නොවී තමන් ගත්ත අමනෝඥ තීරණ අමනෝඥ ලෙස සලකා අලු‍ත් ආකාරයට ඉදිරියට යන්න එකතු වෙන ලෙසත් මෙරට ජනතාවගේ තැන්පතුවල වටිනාකම් සුරක්ෂිත කිරීමට සූදානම් නමුත් ආණ්ඩුව කියන කියන දෙයට අත්ඉස්සීමට සූදානමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත්’’ පැවසීය.

‘‘හරි දේට හරි කිව්වට වැරදි දෙයට එකඟ නොවන බවත් විවිධ උප්පරවැට්ටි එකඟතාවලට හිර නොවී තමන් ගත්ත අමනෝඥ තීරණ අමනෝඥ ලෙස සලකා අලු‍ත් ආකාරයට ඉදිරියට යන්න එකතු වෙන ලෙසත් මෙරට ජනතාවගේ තැන්පතුවල වටිනාකම් සුරක්ෂිත කිරීමට සූදානම් නමුත් ආණ්ඩුව කියන කියන දෙයට අත්ඉස්සීමට සූදානමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත්’’ පැවසීය.


“පුන පුනාම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය තමයි කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇති කර ගත් ගිවිසුමට අදාළ දත්ත සහ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. ඒ කාලේ බැසිල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියත් දුන්නේ නෑ”‍ කබීර් කීවේය.


 “ගිවිසුම පාර්ලිමේන්තු සභාගත කළේ නම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ඇති කර ගැනීමට නියමිත ගිවිසුම ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් කර ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරන්න තිබ්බා. ඒත් ඒ දත්ත රටෙන්, පාර්ලිමේන්තුවෙන් හැංගුවා”‍ විපක්ෂ නායකවරයා පැවසීය.


“ආණ්ඩුව එක වෙලාවකට එක දෙයක් කියනවා. තව වෙලාවකට තව දෙයක් කියනවා. එකිනෙකට පරස්පර විරෝධී කතා කීම තුළ රජය පිළිබඳ විශ්වාසය පළුදු වෙලා”‍ ඩලස් කීවේය.

විකාශන අධිකාරි පනත 

මේ අතර විකාශන අධිකාරි පනත පිළිබඳව සජිත් ඇතුළු සජබ මන්ත්‍රීවරු පුළුල් වශයෙන්ම සාකච්ඡා කරනු ලැබීය.
“රටක ජනමාධ්‍ය යනු ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවැනි කුලුනයි. ඒ වගේම එසේම, පාලකයා සහ ජනතාව අතර තීරක බලය ද වෙන්නේ ජනමාධ්‍ය. එබැවින්, සියලු‍ ජනමාධ්‍යයන්ට සමබිමක තොරතුරු සැපයීම සඳහා අවශ්‍ය වතාවරණයක් සකස් විය යුතුයි. එනම්, මාධ්‍යවේදීන්ට තොරතුරු වාර්තාකරණය සඳහා නිදහසක් පැවතිය යුතුයි. මූලාශ්‍ර ආරක්ෂා කිරීමේ අයිතිය ජනමාධ්‍ය සතුයි.”‍ සජිත් කීවේය.


”‍විද්‍යුත් විකාශන ආයතන නියාමනය සම්බන්ධයෙන් යම් නිශ්චිත නීතියක් පැවතිය යුතුයි. හැබැයි ඒ සඳහා රජයේ මැදිහත්වීම සිදුවිය යුත්තේ සීමාකාරී තත්ත්වයන් යටතේ. නියාමනයක නාමයෙන් ආණ්ඩුව විවේචනය කරනු ලබන මාධ්‍ය මර්දනය කිරීම සිදු නොවිය යුතුයි.”‍ එහෙම කීවේ ගයන්ත ය.

ලු කතාව 


පහුගිය දවසක විපක්ෂෙ ලොක්කා කතාවක් කරන තැනක මේ දවස්වල විපක්ෂෙට වෙලා ඉන්න හිටපු ඇමතිලා දෙන්නෙක් බලා හිටියලු . එක්කෙනෙක් කුරැණෑගල පැත්තේ නිතර සිරියෙන් ඉන්න කෙනෙක්. අනෙක් කෙලා මී පුරේ කෙනෙක්. විපක්ෂෙ ලොක්කගේ කතාව දිග වෙන්නට පටන් ගත්තාම කුරැණෑගල මෑන්ට බලා ඉන්න බැරි වුණාලු. එතකොට මිනිහා කිව්වලු & මේ යකා කතා කරන්න ගත්තාම නවත්වන්නෙ නෑනෙ& කියලා. මේක ඇහුන මී පුරේ මෑන් ‘‘ හා හා ඡන්දෙ ඉල්ලන්න ඉන්න පක්ෂෙ නායකතුමාට ඔහොම කියනවද?’’ කියලා කිව්වලු. ඡන්දයක් ළං වුණොත් පනින්න බලන් ඉන්න අයත් ඉන්නව ඔන්න.

සජිත් නොකියාම මාධ්‍ය ආයතනවලට ගිහින් 

පසුගිය සතියේ සජිත් කිසිවෙකුටත් නොදන්වා විශේෂ ස්ථාන හතරකට ගියේය. ඒ මාධ්‍ය ආයතන හතරකට ය. සිරස සංවත්සරයට, ටී.එන්.එල්. සංවත්සරයට සහ සියත ටෙලි වැකිය 300 කඩඉමට සුබපැතුම් එක් කිරීමට ඔහු මෙලෙස ඒ ආයතනවලට ගියේය. සජිත් සිය ආයතනවලට එන බව එම ආයතනවල කිසිවෙක් නොදැන සිටි අතර විපක්ෂ නායකයාගේ හදිසි පැමිණීම ඔවුන්ගේ විස්මයටත් සතුටටත් හේතු විය. ඉන් අනතුරුව සජිත් බ්‍රහස්පතින්දා සවස තමිලන් පුවත්පතේ සංවත්සරයට සුබපැතුම් එක් කිරීමට එම කාර්යාලයටද ගියේය.

පාතාලය ගැන පොලිස් උත්තර

ඉකුත් සතියේ දේශපාලන කරළියේ පැවතියේ තරමක නිහැඬියාවකි.ජනාධිපතිවරයා දිවයිනෙන්  බැහැරව සිටීමත් , පාර්ලිමේන්තු සතියක් වීමත් ඊට හේතු වෙන්නට ඇත. එසේ වුවද පාතාල ක්‍රියාකාරකම්වලින් නම් අඩුවක් නොවීය.තැන තැන මිනී මරා ගැනීම්, කප්පම් ගැනීම් සහ හොරකම්වලින් නම් අඩුවක් නොවීය.පැය  12 ක් තුළ තැන් තුනකදි,  පාතාල වෙඩික්කරුවෝ තිදෙනෙකු ඝාතනය කළහ .ඒ රටේ නීතිය තුට්ටුවට මායිම් නොකරමිනි.බස්නාහිර සහ දකුණේ පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් ඒවා  නවත්වන්නට වහා පියවර ගන්නැයි මහජන ආරක්ෂක ඇමැති  ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන් කැඳවා ගිය සතියේ  කීවේය. පොලිස්පතිවරයා දී තිබුණේ අපූරු පිළිතුරකි. බස්නාහිර  සහ දකුණේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාව පාතාල ක්‍රියාකාරකම් වැඩිවීමට බලපා ඇති බව ඔහු කීවේය . තත්ත්වය එසේ නම්  එය නිවැරදි කිරීමේ වගකීම ඇත්තේද පොලිස්පතිවරයාට ම ය.ටිරාන් කියා තිබුණේ ,අකාර්යක්ෂම නිලධාරීන් වහාම ඉවත් කර ඒ තැන්වලට  අලූතින් නිලධාරීන් පත් කරන ලෙසය.

ආයතන විකිණීම ගැන පොහොට්ටුව මත දෙකක

රජය ව්‍යාපාර වලින් ඈත්ව  ඒවා පෞද්ගලික අංශයට දිය යුතුය යන්න ආණ්ඩුවේ මතය වී තිබේ. ජනාධිපතිවරයා සිටින්නේ ද ඒ මතයේය. පොහොට්ටුවේ  සමහරුන් සිටින්නේ රජයේ ආයතන සියල්ලම පෞද්ගලීකරණය නොකළ යුතුය යන මතයේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගිය සතියේ පොහොට්ටුවේ වෘත්තීය සමිති නායකයන් හමු විය. වෘත්තීය සමිති නායකයන් කියා තිබුණේ මේ ආකාරයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම ගැටලු‍වක් වෙන බවය. නාමල් කියා තිබුණේ පෞද්ගලීකරණය කරන්නේ  පාඩු ලබන ආයතන පමණක් නම් , එසේ කිරීම ගැටලු‍වක් නොවන බවය. එම ආයතනවල සේවකයන්ට ලැබෙන වන්දි හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව ඔහු කියා තිබිණි.

 

මැතිවරණයක්  නොමැති වුවද ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකි වන සේ පොහොට්ටුව ද මේ වන විට ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇත.  බල මණ්ඩල රැස්වීම් රට පුරා පවත්වන්නට කටයුතු කරමින් සිටින්නේ ඒ වෙනුවෙනි. ඉකුත් සති අන්තයේ ගම්පොල සහ නාවලපිටිය යන ආසන 2 හිද පොහොට්ටුවේ බල මණ්ඩල රැස්වීම් පැවැත්විණි. ගම්පොල රැස්වීම සංවිධානය  කළේ  අනුරාධ ජයරත්න රාජ්‍ය ඇමැතිවරයාය. හිටපු ඇමැති මහින්දානන්ද නාවලපිටිය රැස්වීම සංවිධානය කළේය. අනුරාධ සහ මහින්දානන්ද දෙමස්සිනෝ නිසා, ඔවුහු දෙදෙනාම ආසන දෙකේ වැඩ කළහ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද කොළඹ සිට මෙම රැස්වීම්වලට සහභාගි වූහ. ගම්පොල රැස්වීම යන අතරේ අනුරාධ  ප්‍රසන්නට කීවේ”‍ මම හිතුවේ නෑ මෙච්චර සෙනඟක් එයි කියලා, හිතුවට  වැඩිය සෙනඟ ඇවිත් ඉන්නවා’’ කියාය. බයවෙන්න දෙයක් නෑ මල්ලි, මිනිස්සු ඉන්නෙ පොහොට්ටුවත් එක්ක. ඒක අපට ගම්වලට ගිහාම පේනවා”‍ ප්‍රසන්න කීවේය. දි.මු. ජයරත්න අගමැතිවරයා ගැනද සිහිපත් කළ ප්‍රසන්න කීවේ හිටපු අගමැතිතුමා ගම්පොල ජනතාවට වැඩ කරපු නිසා මේ මිනිස්සු කොහොමත්  ඔයත් එක්ක ඉන්නව කියාය.

 

ආණ්ඩුවේ මන්ත්‍රීන්ට තහනමක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබන සතියේ  කොළඹින් පිට නොයන ලෙස ආණ්ඩු  පක්ෂයේ ප්‍රධාන සංවිධායක  කාර්යාලය ආණ්ඩුවේ  මැති ඇමැතිවරුන්  සියලු‍ දෙනාට මේ  වනවිට දැනුම් දී ඇත. එය දැනුම් දීම කර ඇත්තේ වට්සප් පණිවුඩ මාර්ගයෙනි . ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බවත්, හෙට සිට ආරම්භ වෙන සතියේ සියලු‍ම මැති ඇමැතිවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවත් එමගින් දැනුම් දී ඇත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එම  කාලයේදී රට යාම ද තහනම් කර ඇත. ඒත් ඒ කුමකට ද යන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරුවත් දන්නේ නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හෝ ඉදිරි මැතිවරණයක් සම්බන්ධයෙන් හෝ තීරණයක් ගැනෙන බැවින්, මන්ත්‍රීවරුන් කොළඹ රඳවාගෙන ඇති  බවටද ආරංචි පැතිර යමින් තිබේ.

අස්වැසුම සමෘද්ධිය යට කරයිද

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේය. පසුව දිවි නැගුම බවට පත් වී යළිත් සමෘද්ධිය වී ඇත. මේ අතර සමාජ සුබසාධන වැඩපිළිවෙළ සමාජ සුබසාධන මණ්ඩලය හරහා කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමඟ සමෘද්ධියට කුමක් වෙන්නේදැයි බොහෝ දෙනා  විමසිල්ලෙන් සිටිති. අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියකි.අඩු ආදායම්ලාභී පවුල් සඳහා සුබසාධන මුදල් වෙන් කිරීමේ කටයුතු සිදුවන්නේ සුබසාධන  මණ්ඩලයෙනි. සමෘද්ධියෙන් ඉටු වූ එම කාර්යභාරය ද සුබසාධන මණ්ඩලය හරහා කිරීම සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වන, එස්.ඒ.ඩී. ජගත් කුමාර ද සිටින්නේ දෙගිඩියාවෙනි. ආණ්ඩුපක්ෂ රැස්වීම් කීපයකද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. පාර්ලිමේන්තුවේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගිය සතියේ පැවැත්වුණේ ඔහුගේ සම්බන්ධීකරණයෙනි. සමෘද්ධි  විෂයභාර හිටපු  ඇමැතිවරියක් මෙන්ම වත්මන් ආණ්ඩුවේද ඇමැතිවරියක වන පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ඊට සහභාගි වූහ. එහි දී ඔවුන් සාකච්ඡා කර තීරණය කළේ මේ වැඩපිළිවෙළ සම්බන්ධ ජනාධිපතිවරයා වහාම හමුවී සාකච්ඡා කිරීමටය.

ශ්‍රීලනිප අලු‍ත්ම අර්බුදය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලු‍ත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙන බැවින් පරණ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි  මැතිවරණ කොමිෂන් සභාව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය සතියේ දැනුම් දුන්නේය. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට ලිපියක් යවමින් දන්වා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ ව්‍යවස්ථාව වෙනුවට ගිය වසරේ පැවැති පක්ෂ සම්මේලනයේදී  අලු‍ත් ව්‍යවස්ථාවක් සම්මත කර ගනු ලැබීය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කිහිප දෙනෙක් එම ව්‍යවස්ථාවට දිගටම විරෝධය පලකළහ. නිමල්  ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට එක්වීම හේතුවෙන් ඔවුන්ට  එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවේද අලුත් ව්‍යවස්ථාව අනුව යමිනි. එහෙත් සිවිල්  අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුවකට අනුව, නිමල් සිරිපාල ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමේ සාමාජිකත්වය  අත්හිටුවන්නට ගත් තීන්දුව අත්හිටුවන්නට ශ්‍රීලනිපයේ කටයුතු කළේය. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබෙන තෙක්  කොමිෂන් සභාව ගිය සතියේ දැනුම් දුන්නේ පරණ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසය. 
නිමල් ඇමැතිවරයා සිවිල් අභියාචනාධිකරණයෙන්  ලැබුණු නඩු තීන්දුවේ  පිටපතක් මැතිවරණ  කොමිසමට  යවා තිබූ අතර එය පදනම් කරගනිමින් කොමිෂන් සභාව මෙම ලිපිය පක්ෂ ලේකම්වරයාට එවා ඇත. එසේ පරණ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් අට දෙනාගේ සාමාජිකත්වය අහෝසි  වීම නවතිනවා මෙන්ම, ඔවුන් කලින් දැරූ තනතුරු ද ඔවුන්ට  එසේම පවත්වාගෙන යන්නට අවස්ථාව හිමි වනු ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන් පසුගිය කාලයේ පැන නැගුණු අර්බුදයේ දී ද මැතිවරණ කොමිෂන් සභාව පක්ෂයට දැනුම් දී තිබුණේ, සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මහින්ද අමරවීර හෝ අලු‍තින් පත්වූ තිලංග සුමතිපාල යන මහත්වරුන් සන්ධානයේ ලේකම්වරුන් ලෙස නොපිළිගන්නා බවය.

ශ්‍රීලනිප යාපනයට

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ද ලබන සතියේ යාපනයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ලබන 28 වැනිදා සිට දෙවැනි දා දක්වා දින පහක් යාපනයේ රැඳී සිටිනු ඇත. මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් හිටපු  ජනාධිපතිවරයාගේ  නිල නිවසේ දී පසුගිය සතියේ පැවති අතර,  ඊට මෛත්‍රීට අමතරව, දයාසිරි ජයසේකර, ෂාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන්, දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුන් මෙන්ම, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ධම්ම දිසානායක, සරත් ඒකනායක  ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. යාපනයෙන් ආරම්භ කරන මෙම වැඩ පෙළ රට පුරා ගෙන යන්නට ද එහිදී තීරණය විය.

මේ අතර උත්තර ලංකා සභාගයද ගිය සතියේ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. ඉන් එක් සාකච්ඡාවක් පක්ෂ නායකයන්ගේ හමුවකි. දෙවැනි සාකච්ඡාව උත්තර ලංකා සභාගය  නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම ය. පක්ෂ නායකයන්ගේ රැස්වීමට වාසුදේව, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ. විමල්  වීරවංශ මන්ත්‍රීවරයා  ඊට සහභාගී නොවීය. සාකච්ඡාවේ දී ඔවුන්ගේ වැඩි අවධානය යොමුවූයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔවුන්ගෙන් වැඩි දෙනාගේ අදහස වූයේ එන වසර මුලදී ජනාධිපතිවරණය පැවැත්වීමට  බොහෝ දුරට ඉඩ ඇති බවය. ආණ්ඩුව ඊට අවශ්‍ය වටපිටාව සකස් කරගනු ඇතැයි ඔවුන්ගේ අදහස විය. එබැවින් අපේක්ෂකයා සම්බන්ධයෙන් නොව, පොදු වැඩපිළිවෙළක්  ජනතාව අතරට ගෙන යා යුතු බවට  එහිදී සාකච්ඡා විය.

එහිදී කොමියුනිස්ට්  පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ කීවේ  පක්ෂයේ 80වැනි සංවත්සරය ලබන  තුන් වෙනි දා මහරගම යොවුන් රඟහලේ දී පැවැත්වෙන බැවින්, රටේ ආර්ථික හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙළක් එහිදී ඉදිරිපත් කරන බවය. එම වැඩපිළිවෙළ පිළිබඳව සංවාදයක් ගොඩනගා, එය පාදක කර ගැනීමෙන් අලු‍ත් පොදු  වැඩපිළිවෙළකට යා හැකි බව ඔහු කීවේය.

ජනපතිගේ ඡන්ද සටන නිමල්  ලංසලා අතට ගනිති

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා  දිනවීමේ වැඩපිළිවෙළක් පොහොට්ටුවේ මන්ත්‍රීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් දැනටමත් ආරම්භ වී ඇත. ආණ්ඩුවට එක්වී සිටින මැති ඇමැතිවරුන් කිහිප දෙනකුට අමතරව නිමල් ලංසලා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා මූලිකව සිටී. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන් ද, ජනාධිපතිවරයා සමග සම්බන්ධ කරමින් කටයුතු සූදානම් කිරීමේ බර ලංසා කරට ගෙන ඇතැයි වාර්තා වේ.

ගෝඨාභයගේ උපන් දින සාදය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා නාරාහේන්පිට ගෝතම විහාරස්ථානයේදී දානමය පින්කමක් පැවති අතර, එදින රාත්‍රියේ පුංචි පහේ සාදයක්  ද සූදානම් කර තිබිණි. මිරිහානේ  පිහිටි ඔහුගේ නිවසේ සූදානම් කර තිබූ එම චාම් උත්සවයට මූලික වී කටයුතු කර තිබුණේ මහින්දානන්ද අලු‍ත්ගමගේ හිටපු ඇමැතිවරයාය. හිටපු ඇමැති චමල් රාජපක්ෂ, ඇමැති ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලු‍ත්ගමගේ,  මධුර විතානගේ ඇතුළු මැති ඇමැතිවරු දහ පහළොස් දෙනකු ද ඊට  සහභාගී වී සිටි අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ද ඊට සහභාගී වී  නැතැයි වාර්තා වේ.

 

■ ගජබා