පෙරදිග අහස හිරු නැග එන්නට  පෙරදී  
මහමග බසිමි විකුණමි දුක  කෑ මොර දී  
සිව්රඟ සෙනග මැද දිවි සටනින්  පැරදී  
ගියමග එමි සවස අරුමෙකි නොම  වැරදී
කර දඟ නැටිලි රතු පැහැවුණු ගත  තැඹිලී  
පෙරමග පුතු පැමිණ ඉල්ලන රස  කැවිලී  
නැති වග කියමි කෙලෙසක ඇත දිව  පැටලී  
නෙත අග කඳුළ මිටමොලවමි ගෙන  ඇඟිලී  
ක්ලැරන්ස් කොස්තා   
         
          
 
																	 
																	 
																	 
																	 
																	 
																	