හෝටලේ බිල දැකලා දෙන්නටම තරු පෙනිලා


එක්තරා අධිකාරියක සාමාන්‍ය සේවකයන් දෙදෙනකු වූ ඔවුහු පසුගියදා දකුණේ වෙරළබඩ හෝටලයකට ගියේ කෙටි ආහාරයක් රැගෙන තේ දෙකක් බීමටය. මෙය සංචාරකයන් සඳහා වූ හෝටලයක් බව දැන ගත්තේ ඇතුළු වූ පසුවය. ආ ලජ්ජාවට එහි අසුන්ගත් ඔවුන් ඉදිරියට ආ වේටර් තැන ආහාර මනුපත ඉදිරිපත් කළත් ඉංගී‍්‍රසි වට්ටෝරුව කියවීමට අපොහොසත්වූ ඔවුන් මනුපතෙහි එක් කෑම වර්ගයක් පෙන්වූයේ තත්ත්වය රැක ගැනීමටය. ඔහු ආපසු හැරෙත්ම ”මල්ලී ප්ලේන්ටි දෙකකුත් ගේන්න” යිද කීය. වේටර් තැන ඉදුණු පැපොල් පලූ දෙකක් හැඳි දෙකක්ද සමඟ රැගෙන එන ආකාරය දුටු ඔවුන්ට තරු පෙනිණි. ඒ සමඟම උණුවතුර දැමූ කෝප්පයකට කුඩා තේ කොළ බෑගයක්ද සීනි භාජනයක්ද ගෙනැවිත් තැබුවේය. පළපුරුදු අය ලෙස පැපොල් කා තේ බී නැගිටින විට ගෙනා බිල පරීක්ෂාකළ ඔවුන්ට තරු පෙනුණේ එය රුපියල් තුන්සිය තිහක බිලක් වූ නිසාය.