හොරෙන් තැඹිලි කඩන්න ඇවිත් වත්තෙම පොල් කඩන්න සිදුවෙලා


හොර පොල් කඩන්නට ආ පුද්ගලයකුට දුන් අපුරු දඬුවමක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ තංගල්ල ප‍්‍රදේශයෙනි. නගරයෙන් තරමක් ඈත ග‍්‍රාමීය ප‍්‍රදේශයක අක්කර දෙකක පමණ පොල් ඉඩමක් අයත්ව සිටි ඔහු ස්ථිරවම පදිංචිව සිටියේ මාතර  ප‍්‍රදේශයේය. පොල් ඉඩම අසල පදිංචි පවුලක් වගාව බලාගත් අතර දිගු කලකින්  වත්තේ පොල් කැඞීමට නොහැකි වූයේ පොල් කඩන්නකු සොයාගත නොහැකි  වූ හෙයිනි. පසුගියදා පොල්වත්ත බලාගත් තැනැත්තා වතුහිමියාට දුරකථන ඇමතුමක්  දුන්නේ කිසියම් සොරකු වත්තේ තැඹිලි කඩන බව පවසමිනි. දැන්ම ආවොත් බඩුත් සමඟම සොරා අල්ලාගත හැකි බවද ඔහු කීය. වහාම එහි ගිය ඔහුට සොරා වත්තේදීම අල්ලා ගත හැකිවිය. අසල්වැසියන්ගේද උදව් ඇතිව සොරා පොලිසියට ගෙනයාමට තැත්කරන විට සොරා කීවේ තම රෝගියකුට දීමට තැඹිලි කැඩූ බවකි. ”හරි එහෙනම් මේ වත්තේ පොල් ඔක්කොම කඩල දීපන් මම ගානකුත් දෙන්නම්” වතු හිමියා කීවෙන් ඔහුට දවසම පොල්කැඞීමේ රාජකාරියේ යෙදීමට සිදුවිය.