හඬා වැටෙන දරු දෙදෙනා පියාට බාරදී මව අනියම් සැමියා සමඟ ගිහින්
දරුවන් දෙදෙනා මව ඉල්ලා හඬා වැටෙද්දී දඹුල්ල පොලිසියේ නිලධාරීන් මවිතයට පත් කරමින් දෙදරු මවක් අනියම් සැමියා සමග අලූත් යුග දිවියකට යන්නට පිටත්විය.
දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එන්.ජේ. වීරසිංහ මහතා සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. ලන්සක්කාර මහතා ඉදිරියේ පවුල් ආරවුලක් පිළිබඳ පැමිණිල්ලක් විභාග කැරිණි.
දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි පවුලක මෙම ආරවුල පැවතී ඇත.
පැමිණිල්ලේ සඳහන් වී තිබුණේ තරුණයකුට පහරදීමක් සිදුකැර ඇති සිද්ධියකි. මෙය විභාගකිරීම සඳහා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබිණි.
පැමිණිල්ල කර තිබූ අවිවාහක තරුණයාට පහරදුන්නේ හොර රහසේ ගෙට රිංගු නිසා බවත් තම බිරියට කරදර කරන්නට තැත් කළ බවත් විත්ති පාර්ශ්වය පොලිසියට කියා ඇත.
දෙපිරිස අතර ආරවුල ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ පහරදුන් බව කියන පුද්ගලයාගේ බිරිය මෙම තරුණයා සමග සබඳකමක් පවත්වන බවයි. එම දෙදෙනාම එය පිළිගෙන අවසානයේ දරුවන් දෙදෙනා සැමියාට බාරදී බිරිය නව පෙම්වතා සමග යන බව කීවාය.
වයස අවුරුදු තුනක දරුවා සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අනෙක් දරුවා ද බලා සිටියදී මෙම ගත් තීරණය සමථයට පත් කරන්නට පොලිසිය වෙහෙසුණි. එහෙත් එය අසාර්ථක විය.
සැමියා දරුවන් සමග දැඩි දුක්මුසුව පොලිසියෙන් නිවස බලා පිටව යන්නට විය.
සැමියා හා දරු දෙදෙනා සමග එකට පොලිසියට පැමිණි බිරිය දැඩි සතුටින් ඇයට වඩා බාල තරුණයා සමග පොලිසියෙන් පිටව යද්දී පොලිස් නිලධාරීන්ගේ අත්ද ඉබේම තම කම්මුල ආසන්නයට පැමිණ තිබේ.

