සොහොයුරා නොදන්නා වැඩකට යොදවලා විදුහල්පතිට තරු පෙනිලා


උඩරට පාසලකට පත්වූ නව විදුහල්පතිවරයෙකි. තම ඥාතියකු බලවත් ලෙස රෝගාතුරව කොළඹ ප‍්‍රතිකාර ලබන බව ආරංචි වූ ඔහු රාජකාරි කටයුතු නිසා එහි යාමට නොහැකි බව දන්වා සිය සොහොයුරකු එහි යැවීමට ක‍්‍රියා කළේය. ”මම අයියට රාජකාරි දුම්රිය බලපත‍්‍ර පෝරමයක් පුරවල දෙන්නම්. ඒක ස්ටේෂන් එකේදී මාරු කර ටිකට් එක ගන්න” කියූ ඔහු හිතවත් ගුරුවරයකුගේ නමින් බලපත‍්‍රයක් ලියා දුන්නේය. සොහොයුරා එය රැගෙන පසුදා උදේම දුම්රියපොළට ගියත් ඒ වනවිට දුම්රිය අද්දමින් තිබිණ. එහි අමාරුවෙන් එල්ලූණේ ටිකට් පත අවශ්‍ය නැතැයි සිතාගෙනය. අතරමගදී ටිකට් පරීක්ෂකවරයකු තම රාජකාරිය කරමින් ඔහු අසලට එනවිට සොහොයුරා බලපත‍්‍ර අයදුම්පත ඔහුට දුන්නේ ”රාජකාරි” කියමින් මහත් අභිමානයෙනි. අයදුම්පත පිළිබඳ වංහුං සෙවූ ටිකට් පරීක්ෂකවරයා මෙය වංචාවක් බව දැනගෙන අනෙක් අයටද පවසා පරීක්ෂණ ආරම්භ කිරීම නිසා දැන් විශාල පිරිසක් අමාරුවේ වැටිලාලූ.