(තිහගොඩ - උපසේන ලියනගම)
ඔහු දිගු කලක සිටම සුරා සොඬෙකි. ඒ ආකාරයට සූදුවට ද ඇබ්බැහි වූවෙකි. පසුගියදා ගමේ අවමඟුල් ගෙදරක රාත‍්‍රි මත්පැන් බී සු¥වේ යෙදි හොඳටම පරාජය වී ගෙදරට දුව ආවේ අලූතෙන් ගෙනා රූපවාහිනිය විකුණා දමා යළි සූදුවට යාමටය. ඒ මොහොතේ ගෙදර කිසිවකු නොසිටියෙන් රූපවාහිනිය සිත්සේ පන්නාගෙන ගමේම දුප්පත් ගෙදරකට වික්කේ අඩු මුදලකටය.
නැවත සූදුපිටියට ගිය ඔහු ලොකු මුදල් ඔට්ටුවට අල්ලා ඒවාද පරාජයවීමෙන් පසු ගෙදරට ගොස් නිදා ගත්තේය.
පසුදා උදෑසන අවදිවන විට වෙරි සිඳී තිබූ නිසා බිරියගේ කන්දොස් කිරියාවෙන් බේරීමට බැරි තැන රූපවාහිනිය මිලදී ගත් ගෙදරට ගොස් කනිපින්දම් කියා යළි රූපවාහිනිය ගෙනාවත් මුදල ආපසු නොගෙවීම නිසා ඒ ගෙදර බිරිය සැමියාට දොස් දෙවොල් කියා බනිනවාලූ.

