නව අවුරුදු සාදයකින් පසු සූදු පිටියක් පවත්වාගෙන යාම නිසා පොලිසිය එතැනට කඩා වැදුණේ කිසිවකුගේ දුරකතන ඇමතුමක් නිසාය. ඒ සමගම විදුලිය ද ක‍්‍රියාවිරහිත වූයෙන් පිරිස පැන ගියත්, අඳුරේම තරුණයකු අල්ලාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තවකකු හඹා ගියේය. එවර අත්අඩංගුවට ගත්තේ වියපත් කෙනෙකි. ඔහු ලජ්ජාව නිසා තුවායකින් මුහුණ වසා ගෙන සිටියේය.
අත්අඩංගුවට පත් තරුණයා පොලිස් රාලහාමිට තම දුක්ගැනවිල්ල කීවේය. ”අපි බීපු එක ඇත්ත සර්. ඒත් බූරුව ගැහුවෙ නෑ. නැද්ද මචං” කී තරුණයා තම සගයා දෙස ද බැලීය. එහෙත් සගයා කතාවක් නැත.
”සූදුව කළේ වෙනත් අය. අපි නිකං අල්ලගත්තේ නේද මචං” කී ඔහු නැවත සගයා දෙස සැලකිල්ලෙන් බැලූ විට ඒ තම පියා බව හැඳින ගත්තෙන් ඔහුට තරු පෙනුණලූ.

