සිසුන්ගේ ජංගම දුරකථන අල්ලන්න විදුහල්පතිනියගෙන් අපූරු තාක්‍ෂණයක්


සිසුන්ට අත්බනන හෙවත් ජංගම දුරකථන මුළුමනින්ම තහනම් කළ විද්‍යාලයකි.
විදුහල්පතිවරියගේ උපදෙස් මත විද්‍යාලයේ සාරධර්ම සහ විනය භාර ඇදුරු මඬුල්ල එය තදින්ම ක‍්‍රියාවට නැංවූයේ විද්‍යාලයේ ගුණධර්ම සංවර්ධනයට විදුහල්පතිවරියට උපරිම සහය ලබා දෙමිනි.
එදින පටන් පොත් බෑග් පරීක්‍ෂා කිරීමට අමතරව සිසුන්ගේ සහ සිසුවියන්ගේ සාක්කු පරීක්ෂාව ද අදාළ අංශ භාර ගුරු මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබීය.
ඉන් සතියක් ගත විය.
විද්‍යාලයේ සිසු සිසුවියන්ට මුළුමණින්ම තහනම් වූ ඇතැම් සිසුන් ළඟ රහසේ ජංගම දුරකථන තබාගෙන ඇති බවත් ඔවුනොවුන් බ්ලූටූත් තාක්ෂණය මගින් බොහෝ දෑ හුවමාරු කරගන්නා බවත් විදුහල්පතිනියට දැන ගැනීමට ලැබිණි.
ඇය මේ පිළිබඳ අනෙක් අංශයන්ටද නොදන්වාම රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළාය.
මොහොතකින් විද්‍යාලයේ සෑම පන්තිකාමරයකටම ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව සහ ශිෂ්‍යනායකයා පන්තියක් ගානේ ගොස් යම් පරීක්‍ෂාවක නිරත විය. ඊටත් මොහොතකින් පසුව ඇය ඒ සෑම පන්තියකට ගොස් සිසු-සිසුවියන් කිහිප දෙනෙකුගේ නම් වශයෙන් කියා ඔවුන් ගේ ළඟ ඇති ජංගම දුරකථන ඉල්ලා සිටියේය.
එයින් පුදුමයට පත්වූ සිසුන් මොහොතකින් තමා සඟවාගෙන සිටි සියලූ දුරකථන විදුහල්පතිනියට ලබා දුන්නේය.
‘‘කොහොමද මැඩම් හරියටම ඔය ළමයි ෆෝන් ගේනවා කියලා දැන ගත්තේ’’
සාරධර්ම හා විනය භාර මඩුල්ලේ එක් ගුරු මහත්මයෙක් විදුහල්පතිනියගේ කි‍්‍රයාව ගැන මහත් විමතියෙන් ඇසුවේය.
”ඇයි අනේ ඔයාලට තේරෙන්නේ නැද්ද ඔය ෆෝන් වල බ්ලූටුත් වලින් ගනුදෙනු කරන කොට අහල පහළ තියෙන අනෙක් ෆෝන්වලත් ඒ නම් සටහන් වෙනවා මම ශිෂ්‍යනායකයින් දෙන්නෙක් යවලා මගේ ෆෝන් එක දීලා ඒවා හොයා ගත්තා.
ඒ අනුව ලබා ගත්ත නම් තියෙන අයගේ දුරකථන තමයි මම අර ගත්තේ..... විෂ නසන්න විෂ පාවිච්චි කරන්න  ඕන කියලා අහලා තියෙනවානේ.....”