සාදයේදී ගැයූ ගීතයට අපහාස කළැයි පරලවෙලා


කොළඹ ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක විවාහ උත්සව ප‍්‍රිය සම්භාෂණයකි. හිසකේ බූගාගත් රටේ ප‍්‍රසිද්ධි තරුණ ගායකයකු විසින් පැරැණි ගායකයකුගේ ජනපි‍්‍රය පරණ ගීතයක්  පැදුරු වාදක මණ්ඩලයේ සංගීතයට මුල් ගායකයාගේ හඬින් ගායනා කරන්න උත්සාහ කරයි.
මත්පැනින් හොඳට සප්පායම් වූ තරුණ පිරිසක්ද තාලයට අත්වැල් අල්ලමින් ගායනයට සහාය වෙති. උද්දාමයෙන් සිටි තරුණ ගායකයා උපරිම උත්සාහයෙන් ළයාන්විත හඬින් ගායනය අවසන් කරයි. ගීතය අවසන් වනවාත් සමගම අත්පොළසන් හඬින් සංග‍්‍රහයක් ද ලැබේ. ඒ සමගම සංගීත සාජ්ජයේ ඇතිවන තප්පර කිහිපයක නිහඬතාව බිඳමින් එහි සිටි තරුණයෙක් එක්වරම මෙසේ පවසයි. ‘‘අපි දැන් සින්දුවක් කියමු’’ එම කතාවත් සමගම අනෙක් තරුණ පිරිස කොක් හඬලා සිනාසෙයි.     ඒ සමගම පරල වූ අර ගායකයා එක්වරම නැගිට ඇයි මම ඒ කිව්වේ සින්දුවක් නොවෙයි ද? විමසමින් කෝපයෙන් යුතුව අර තරුණයාට හොඳටම දෙහි කපයි. කෙසේ හෝ ෂේප් කර ගැනීමෙන් පසු ගායකයා ඉවතට රැගෙන යනු දක්නට ලැබෙන අතර වෙනත් ගායකයකුගේ ගායනයෙන් නැවත පැදුරු සාජ්ජය ආරම්භ වේ.