රජරට ප‍්‍රධාන නගරයක පාසලකි. එහි පස්වන ශ්‍රේණියේ සිසුනට නියමිත ශිෂ්‍යාධාර විභාගය වෙනුවෙන් පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයක් ගුරුවරියක විසින් දෙනු ලැබුවාය.
එම ප‍්‍රශ්න පත‍්‍රයේ අවසාන ප‍්‍රශ්නයෙන් ”අපට සිදුවන ස්වභාවික විපත්” ගැන වාක්‍ය හතරක් ලියන්නැයි සඳහන් කර ලැබීය.
පන්තියේ සිසුවෙක් ඊට පිළිතුරු ලියා තිබුණේ මෙසේය.
1. අපට සිදුවන විපතක් තමයි සැමදාම පාසල් යාම.
2. අපි ස්වභාවික විපතෙන් ගොඩඒමට අවරුදු ගාණක් සිටියෙමු.
3. අප ශිෂ්‍යත්වය ලියා සාමාන්‍ය පෙළ ලිවීමෙන් පසු විපත අවසන් වේ.
4. මම අපේ පාසලෙන් ගොඩට ඒමට මහන්සි ගන්නෙමි.
පිළිතුරු පත‍්‍රය බලමින් සිටි ගුරුවරියට සිනහව මතුවූවත් එය ආයාසයෙන් මැඩගත්තාය.

