දකුණු පළාතේ ග‍්‍රාමීය මහ රෝහලකි. අවේලාවේ රෝගීන් බැලීමට එහි ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොලැබුණත් සුළු මුදලක් හෝ මුරකරුගේ අත මිට මෙල වූ විට ඇතුළු විය හැකි බවට ප‍්‍රකට රහසක් තිබිණ.
පසුගියදා තම පුතා හදිසි අනතුරකට ලක්ව රෝහලට ඇතුළු කළෙන් මේ පියා අවේලාවේ එහි ගියේ පුතාගේ තත්ත්වය දැන ගැනීමටය. මුරපොළ ඉදිරිපිට සෑහෙන පිරිසක් පොදිකමින් සිටියහ.
ඔහු මුරකරු අසලටම ගියේ කීයක් හරි මිට මෙලවිය යුතු දැයි සිතමිනි. එහි කඩිනමින් ආ තැනැත්තකු කිසිවක් මිට මොළවාගෙන ගියේ කිසිම ගානක් නැතිවය. මිට මොළවා තිබුණේ බුලත් විටක් බව ඔහුට පෙනිණි.
වහා ඉදිරිපස කඩයට ගිය ඔහු බුලත් විටක් රැුගෙන විත් එය ඔහු අතට ගුලිකොට යාමට තැත් කළත් ”පිස්සුද” කියා යළි ඔහු අතට දුන්නෙන් ඔහුට තරු පෙනිණි.
කරුණු විමසීමේ දී පෙනී ගියේ මෙහි සේවකයකු කලින් ඔහු දුන් මුදලට බුලත් විටක් ගෙනැවිත් දී ඇති බවලූ.

