ශිෂ්‍යත්ව පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍රයට අපූරු උත්තර දීලා
පසුගිය දා පැවැති පහවසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෙරහුරුව සඳහා දකුණේ ප‍්‍රකට ආයතනයක් දරුවන්ට ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදී පිළිතුරු සැපයීමට අවස්ථාව දී තිබුණි.
මේ සඳහා තම දරුවන් යොමුකළ මාපියන් ආයතනය ඉදිරිපිට සිටි අතර පිළිතුරු ලියා අවසන්ව ආ දරුවකුගෙන් ලියූ පිළිතුරු ගැන ද විමසීය.
”අපෝ හරිම ලේසියි. අම්මගෙ තාත්තගෙ නමත් අහල තිබුණා” දරුවකු කීවේ ප‍්‍රශ්න පත‍්‍රයද පෙන්වමිනි. මව පුදුමයට පත්ව ප‍්‍රශ්න පත‍්‍රය දෙස බැලූවාය.
එහි එක් ප‍්‍රශ්නයක ඉහළින් දුටුගැමුණු රජතුමාගේ යන්න ලියා ඒ යටතේ පළමු අංකයෙන් පියාගේ නම සහ දෙවන අංකයෙන් මවගේ නම අසා තිබුණි. ප‍්‍රශ්නයේ ඉහළින් තිබූ දුටුගැමුණු රජතුමාගේ යන්න නොකියවූ දරුවා තම පියාගේ නම සහ මවගේ නම ලියා තිබූ බව දැනගත් මේ මවට දෙවියන් සිහි වුනාලූ.

