වැස්සට තෙමෙන්ට බැරිව ගේකට ගිහින් අලි අඩව්වකට අහුවෙලා


දකුණු පළාතේ උප නගරයකට සීමාසන්නව ජනාකීර්ණ බවෙන් ඈත්වූ මාර්ගය අසල නිවෙසකි.

නගරයේ රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු පසුගියදා සිය යතුරු පැදියෙන් සේවාවට යන අතරතුර මහ වැස්සක් ඇදහැළීම නිසා මේ නිවසේ ඉස්තෝප්පුවටම අල්ලා යතුරු පැදිය නැවැත්වීය.

ගෙතුළින් ඇසුණේ මහා ගෝරනාඩුවකි. අඩක් විවෘතව පැවති මහ දොරෙන් ඇතුළත බැලූ ඔහුට පෙනුණේ නිවසේ අඹු-සැමියන් මහා අඩව්වක් අල්ලන බවය. කුඩා දරුවකු බිම වැටී බෙරිහන් දෙයි.

ඔහු එබී බැලීමත් සමගම සැමියා කලබල වූ අතර බිරිඳ බිම වැටී සිටි දරුවා රැගෙන ඔහු ළඟට විත් ”රත්තරං මල්ලි මෙයා පොඞ්ඩක් අල්ලා ගන්න මම මෙයාට පාඩමක් උගන්වන්නම්” කීවෙන් තරුණයාට තරු පෙනිණ.

එහෙත් දරුවා ගැනීමට පෙර එතැනට ආ සැමියා ”ආ එහෙනම් මෙයාද මිනිහා” කියමින් තමාට පහරදීමට කිසිවක් ගෙන ඒමට ගෙතුළට දුවන විට තරුණයා යතුරු පැදිය වේගයෙන් පණ ගන්වා ගෙන ගියේ පැති කණ්ණාඩියෙන් පසුපස බලමින්ලූ.