සෑම වැටුප් දිනකම තුරඟ තරග සඳහා රුපියල් දස දහසක් ඔට්ටු ඇල්ලීම ඔහුගේ සිරිතය. එදිනද වැටුප් ලබාගත් ඔහු ගියේ අශ්ව රේස් ඔට්ටු පොළකට ය. මෙවැනි ස්ථානවල පිටරටවල තරග වදින අශ්වයින් සහ සුනඛයින්ගේ තරග රූපවාහිනී තුළින් සජීවීව විකාශනය කරන අතර දිනන මුදල ඒ මොහොතේම ලබාදීම ද සිදුවෙයි.
පඩි පැකට්ටුවෙන් රුපියල් දසදහසක් කමිස සාක්කුවට දමාගත් හෙතෙම ඉන් දෙදහසක් එවෙලේ දුවන අශ්වයකුගේ නමට තුණ්ඩුවක ලියා කවුන්ටරයට භාරදුන්නේය. රේස් බුකිය ඔට්ටු අල්ලන්නන්ගෙන් පිරී තිබිණි. තරගය ආරම්භ විය. සෑමදෙනාගේම පැතුම තමන් ඔට්ටු ඇල්ලූ අශ්වයා ජයග‍්‍රහණය කරනු දැකීමය. තරගය නිමාවිය. ඔහු ඇල්ලූ අශ්වයා පැරදුණි. එහෙත් ඉන් පසු නොබැස්ස ඔහු නැවතත් රුපියල් දෙදහසක් ඔට්ටු ඇල්ලීය. එම තරගය නිම වූයේ ඔහු ඇල්ලූ අශ්වයා ජයග‍්‍රහණය ලැබීමෙනි. ඒ සඳහා මොහුට මුදල් කවුන්ටරයෙන් රුපියල් හයදහසක් ලැබිණි. හෙතෙම ඉන් පසුව ඔට්ටු ඇල්ලූ සෑම තරගයක්ම පරාජයට පත්විය. අවසානයේදී ඔහු අත ඉතිරිවූයේ ඔට්ටු ඇල්ලීමට වෙන්කළ රුපියල් දෙදහසක් පමණි. පසුව පැවතියේ ති‍්‍රමාණ රූප සහිත කොම්පියුටර් අශ්වයින්ගේ තරගයකි. ඉතිරිව තිබූ මුදලින් ඔහු කොම්පියුටර් අශ්වයෙකුට ඔට්ටු ඇල්ලීය. තමා ඇල්ලූ අශ්වයා ඉදිරියෙන්ම පැමිණියත් අවසානයේදී වෙනත් අශ්වයෙකු ජයග‍්‍රහණය කිරීම නිසා එම මුදල බුකියට සින්න විය. එහෙත් කොම්පියුටර් ජිල්මාට් යැයි පැවසුවේ එම ඉරණමම හිමිවූ තවත් අයෙකි. දැන් බලන කොට හැමතැනම කොම්පියුටර් ජිල්මාට් යැයි සිතූ ඔහු නියපොතු විකමින් එතනින් ඉවත්විය. වාර්තා වූයේ උතුරු මැද පළාතෙනි.

