මෝල්ටඞ් මිල්ක් වෙනුවට තේ කෝප්පයට ත‍්‍රිපෝෂ දාලා
”අද ඔයාගේ තේ එක බිව්වාම මට මගේ පුංචිම පුංචි කාලේ මතක් වුණා”
සිය බිරිය උදෑසන නිදි යහන අසලටම ගෙනැවිත් දුන් තේ කෝප්පයේ අඩක් හිස් කළ සැමියා සිනාසෙමින් එසේ කීය. බිරිය ද සිනාසුණාය.
නිවැසියන්ට, අසල්වැසියන්ට සහ හිතවතුනට හොර රහසේ හැංගි හැංගි පවත්වාගෙන ගිය පේ‍්‍රමයට මවුපියන්ගේ ආශිර්වාදය ලැබ ඔවුහු විවාහ වූහ.
ආදරයෙන් ගත කළ නිවෙස දරු සුරතලයෙන් ද ඔපවත් වීය.
සැමියාගේ කටයුතු සිය දවසේ දේවකාරිය සේ සලකා ඉටු කළ ඇය උදෑසන මෙසේ සැමියා අතට ගෙනැවිත් දෙන තේ කෝප්පයේ සිට නිවසේ සියලූ හැඩ වැඩ මනාව ඉටු කළා ය.
මෙසේ ජීවිතය ගත කරන ඇයට උදෑසන සැමියා තේ කෝප්පය බී තමා දෙස ආදරයෙන් බලා පැවසූ දේ එදින බිරියගේ දෙසවනේ රැවුපිළිරැවු දුන්නේය.
ඇය වෙනදා මෙන් සැමියා අඩක් ඉතිරි කළ තේ කෝප්පය සෙමින් තොල ගෑවාය.
ඇගේ දෑස් උඩ ගියාය.
දෙතොල් එකිනෙක ඇලී ගියේය.
මෝල්ටඞ් මිල්ක් යැයි සිතා සැමියාට එදින තේ වෙනුවට ඇය වත්කොට දී තිබුණේ දරුවාට කැවීමට තිබූ ත‍්‍රිපෝෂ පැකට්ටුවේ පිටිවලිනි.
ඒත් සමගම සැමියා තේ කෝප්පය අඩක් පානය කොට පැවසූ දෙය ඇයට නැවත සිහි වූවාය
”අද ඔයාගේ තේ එක බිව්වාම මට මගේ පුංචිම පුංචි කාලේ මතක් වුණා”

