දුප්පත් අහිංසකයකුවූ පියා මියගිය පසු ඔහුගේ පැරණි පින්තූරයක් ටයිකෝට් සහිතව සකස්කොට ප‍්‍රදර්ශනය කිරීමට ගිය දුවක් මවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි.
ග‍්‍රාමීය මට්ටමේ දුප්පතකු ලෙස කටයුතු කරගෙන ගිය මේ පියා දහදිය මහන්සියෙන් උපයාගත් දෙයින් දරුවන්ට හොඳට උගන්වා ඉහළ තනතුරුවලට යාමට මග පෙන්වීය.
පසුගියදා මේ පියා මියගියෙන් අගනුවර සිටි දරුවෝ වහා නිවසට පැමිණියහ. පියාගේ පැරණි පින්තූරයක් දුටු ලොකු දුව එය තම තත්ත්වයට මදිකමක් සේ සලකා පරිගණකයක ආශ‍්‍රයෙන් ඡුායාරූපයට ටයි කෝට් අන්දවා මොඞ් කොට ප‍්‍රදර්ශනයට තැබීය. මෙය දුටු මවට තරු පෙනිණි. ඇගේ දැඩි විරෝධතාව මැද එය ඇතුළු කාමරයකට යැවුවත් ගමේ ඥාතීන් මෙය නරඹමින් කිසියම් සතුටක් ලැබුවාලූ.

