මව මියගියැයි යෙහෙළියන්ට බොරු කියා මුදල් එකතු කරලා


ඇය වෙනත් පළාතකින් පැමිණ පාඨමාලාවක් හැදෑරුවේ බෝඩිමක සිටය. දිනක් ඇය බෝඩිමේ අනෙක් තරුණියන් අමතා, බලන්නකෝ අපේ අම්මාගේ ඉඩමේ කොටසක් අල්ලපු ඉඩමේ මිනිස්සු බලෙන් අල්ලගෙන. මල්ලී ඒ ගැන කතා කරන්න ගියාම මල්ලිට පොලූ පාරක් වැදිලා. දැඩි සත්කාර ඒකකයේලූ යැයි සුසුම්ලමින් පැවසුවාය. බෝඩිමේ තරුණියෝ සහෝදරයා බැලීමට යෑම සඳහා මුදල් ලබා දුන්හ. මේ අතර දිනක් ඇය, තම නිවෙස කිසිවකු විසින් ගිනිතබා ඇති බවත්, දැන් තමනට ඉන්නට තැනක් නොමැති බවත් පැවසුවාය. ඇය සමඟ පාඨමාලා හදාරන අනෙකුත් තරුණ තරුණියන් මැදිහත්වී රුපියල් පනස් දහසක් එකතු කර දුන්හ.

කාලයක් ගතවිය. දිනක් තරුණියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇය කෑ ගසමින් විලාප දෙන්නට වූවාය. මට ඉඳලා වැඩක් නැහැ. මගේ දුප්පත් අම්මා අසනීපවෙලා ඉස්පිරිතාලෙට ගෙනියද්දි අන්ත‍්‍රාවෙලා. ඇය සිහිසුන්ව බිම ඇද වැටුණාය. ඇය සිහි ගැන්වූ යෙහෙළියන් ඇය සමඟ ගමට යෑමට උත්සාහ කළත් ඇය එය ප‍්‍රතික්‍ෂේප කරමින් පැවසුවේ මවගේ මෘත දේහය තැබීමට සිදුවන්නේ ඥාති නිවසක බවත්, එහි ඉඩකඩ ප‍්‍රමාණවත් නොවන නිසා රැුගෙන යෑමට නොහැකි බවත්ය. දින කිහිපයකින් ඇය යළි පැමිණියාය. මවගේ මළගම පිළිබඳව හරි විස්තරයක් නොපැවසූ නිසාත්, ඇයගේ හැසිරීම් රටාව නිසාත්, ඇය පිළිබඳව සැක පහළ කළ ආයතනයේ උසස් නිලධාරිනියක් කෙසේ හෝ ඇය පිළිබඳ විස්තර තරුණියගේ ග‍්‍රාමයේ ග‍්‍රාමනිලධාරී මහතාගෙන් ලබා ගත්තාය. ඒ අනුව අනාවරණය වූයේ තරුණියගේ මව ජීවත්ව සිටින බවත්, ඇයගේ නිවෙසට කිසිම ආපදාවක් සිදුවී නොමැති බවත්, ඇයගේ සහෝදරයා කිසිම අනතුරකට මුහුණපා නොමැති බවත්ය.