නාඋල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අවදානම් සහිත හා පොදු මංසන්ධි වෙත විදුලි පහන් සවිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී පවතිද්දි මල් කැඩීමට සිය නිවස අසලට පොදු විදුලි පහනක් ලබාදෙන්නැයි ඉල්ලා සිටි පුවතක් නාඋලින් වාර්තා වෙයි .
නාඋල ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ශාන්ත (ජා.ජ.බ) මහතාගෙන් නාඋල ප්‍රදේශයේ කාන්තාවක මෙම ඉල්ලීම සිදුකළ බැව් සභාපති සුනිල් ශාන්ත මහතා පසුගිය දා ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දී කියා සිටියේය.
නාඋල ප්‍රදේශයේ වන අලි ගැවසෙන ස්ථාන මෙන්ම පොදු ස්ථාන වෙත විදුලි පහන් සවිකිරීම සිදුවන අවස්ථාවක සභාවට පැමිණ ඇති අදාළ කාන්තාව සැන්දා යාමයේ තමන්ට මල් කැඩීමට කළුවර පවතින හෙයින් සිය නිවස අසල මාර්ගයට විදුලි පහනක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත .
පෞද්ගලික අවශ්‍යතාවන්ට සභාවෙන් විදුලි පහන් ලබා නොදෙන බව සභාපතිවරයා අදාළ කාන්තාවට කරුණු පැහැදිලි කර දී ඇතත් ඇය එයින් සෑහීමට පත්නොවී නොරුස්නා ස්වභාවයෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි.
නාඋල ඉන්දික අරුණ කුමාර

