බීමත් පියාට පුතුගෙන් අපූරු තෑග්ගක්


පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉතා උසස් ලෙස සමත් වූ ගම්බද පාසලක දරුවකු සිය පියාගෙන් අපූරු තෑග්ගක් ඉල්ලා සිටි බව කියවෙන පුවතක් වියලූවෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඔහු වියලූව ගම්බද ප‍්‍රදේශයක මැදිවියේ පුද්ගලයෙකි. සමෘද්ධිලාභී ගොවි මහතෙකි. හේනේ කුඹුරේ වැඩට ගොස් ආපසු නිවෙසට පැමිණෙන අතරතුරදී ගමේ කසිප්පු තිප්පොළෙන් අඩියක් ගැසීම ඔහුගේ සිරිතය. මිතුරා ද සමග නිවෙසට ගොඩවූ හෙතෙම දරුවා බදාගෙන සිය සතුට ප‍්‍රකාශ කළේ නෙතු අගින් කඩා වැටුණු කඳුළු බිඳු කීපයක් ද සඟවාගෙනය. දරුවාගේ ජයග‍්‍රහණයෙන් බොහෝ සේ උදම් වූ හෙතෙම      ”මොනවද පුතේ ඔයාට  ඕනෑ තෑග්ග” යැයි දරුවාගෙන් විමසා සිටියේ කිසි දිනෙකත් නැති සෙනෙහසක් ද මවා පාමිනි. පියාගේ පැනයට දරුවාගෙන් ලැබුණේ ඔහු කිසි දිනෙක අපේක්ෂා නොකළ අන්දමේ අපූරු පිළිතුරකි. ”අනේ තාත්තේ මට තෑගි එපා. තාත්ත අද ඉඳල අරක්කු බොන්න එපා” දරුවා මාපට ඇඟිල්ලෙන් පොළොව හාරමින් කියා සිටියේ දෙනෙත් කඳුළින් පුරවා ගනිමිනි. සිද්ධියෙන් පසුව මෙකී පියා මත්පැන් පානය නොකාාරන බව ද දැන ගන්නට ඇත.ා