රජරට ප‍්‍රදේශයේ ගෘහණියක් අලූත් අවුරුදු සැමරුමට සූදානම් වීම සඳහා ආහාර පාන හා බඩු බාහිරාදිය මිලයට ගැනීමට නගරයට ගියාය.
කැවිලි පෙවිලි සැකසීම සඳහා ඇය වෙළෙඳ සලකින් පැණි බෝතල් භාගයක්ද රැගෙන ගොස් එය කුස්සියේ රාක්කයේ තැබුවාය.
වැඩ ඇරී සවස්කාලයේ ඇයගේ සැමියා නිවෙසට පැමිණීමෙන් පසු කුස්සිය දෙසට ගියේය. සිය බිරිය අලූත් අවුරුදු සැමරුමට කෑම බීම පිළියෙළ කිරීම සඳහා බඩු බාහිරාදිය රැගෙන විත් තබා ඇති අයුරු දුටු සැමියාට සතුටක් ඇතිවිය.
ඔහු කුස්සියේ කළමනා විපරම් කරද්දී රාක්කයේ තිබූ බෝතලයද දැක්කේය. ඔහුට නෙත් අදහා ගත නොහැකි විය. බිරිය අලූත් අවුරුද්දට සංග‍්‍රහ කිරීම සඳහා තමාට දීමට මත්පැන් භාගයක් ගෙනැවිත් ඇතැයි ඔහු සිතුවේය. ‘අති විශේෂ’ ලේබලය නිසා ඔහු සිතුවේ එය ගල් අරක්කු බවයි. තම බිරිය මෙවැන්නක් කිසිදා කර නැත.
‘ඔයා නියම වැඩක්නෙ කරල තියෙන්නෙ. කවදාවත් නැතුව ඇයි මේකක් මට ගෙනාවෙ?’ රාක්කයේ තිබූ මත්පැන් බෝතලය පෙන්වා සැමියා බිරියගෙන් ප‍්‍රශ්න කළේය.
තම සැමියා පැණි බෝතල් බාගයට මත්පැන් යැයි රැවටී ඇති බව බිරියට අවබෝධ විය. ඒ අනුවම ඇය සැමියාට මෙසේ කීවාය. ‘අනේ මට හිතුන මේ අවුරුද්දෙවත් ඕවා එකක් ගෙනත් දෙන්නම් කියලා. ඒකයි මම ඔය ජාතියෙ එකක් ගෙනාවෙ’.
‘හා.....හා......දැන් ඕක රාක්කෙ තියන්න ඕනැය. අද රැම බොන්න මට කටගැස්මක් හදල දෙන්නකො කියා සැමියා ඇඟපත සෝදා ගැනීමට ගියේය. ඔහු නිවෙස ඇතුළට යළි එන විට සාලයේ මේසය මත කරවල හා පපඩම් බැද කුඩා ප‍්‍රමාණයේ වීදුරුවක්ද සමඟ අතිවිශේෂ බෝතල් භාගය තිබුණි.
සැමියා හරි බරි ගැසී මේසය අසල පුටුවේ වාඩිවිය. හොඳහැටි සප්පායම් වෙමියි සිතා බෝතලය අතට ගෙන එහි මූඩිය කරකැවීය. එකෙනෙහිම ඔහුට ඇතිවූයේ කියා ගත නොහැකි ලජ්ජාවකි.
බෝතල් භාගයේ අති විශේෂ වෙනුවට තිබුණේ පොල් පැණි බව තේරුම් ගිය විට සැමියාට කරකියා ගන්නට දෙයක් නොවීය.

