(ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ – නැදලගමුව)
සත් කෝරළේ ගැමි නිෙවසක කල වයස ගෙවී යමින් සිටි තරුණියකට සහකරුවකු සොයාගත්තේ කපු මහතකුගේ සහායෙනි. විවාහය තීන්දු වීමෙන් මනාලයා තරුණියගේ නිෙවසට යන්න එන්න වූයේ තරුණිය දැන හඳුනාගෙන විවාහයට සූදානම් වීමේ අටියෙනි.
තරමක් නිවට නියාලු ගති ගුණ තිබූ මෙම තරුණයාට තරුණිය කැමැත්තක් දැක්වූයේ රූපයෙන් සිත් ඇද බැඳ ගත් නිසාත් මහන්සි වී වැඩ කළ හැකි තරමක් දේපළ ඇති තරුණයකු වීම නිසාත්ය. දිනක් මෙම තරුණිය බැලීමට තෑගි බෝගද රැගෙන පැමිණි ඔහු දිවා ආහාරයද ගෙන සතුටු සාමීචියේ යෙදී සිටින විට නැන්දම්මා පැමිණ මනාලයාට පැණි වරකා තියනව කනවද පුතේ? කියා ඇසුවාය.
වරකාවලට දැඩි කැමැත්තක් දැක්වූ තරුණයා කැමැත්තෙන් ‘හා කමු කමු’ කීවේ පුටුවෙන්ද නැගිටිමිනි. තරුණිය පැමිණ වරකා කෑමට මුලුතැන්ගේ දෙසට එක්ක ගිය මනාලයාට යහමින් සුවඳ හමන ඉදුණු වරකා කපා පිළිගැන්නුවාය. නැන්දම්මා පැමිණ වරකා සමග පොල් තෙල් දැමූ බෝතලයක්ද බිම තැබුවේ වරකා කනවිට කොහොල්ලෑ අතේ තැවරෙන නිසා අතපිස දැමීමටය.
ඔහු අසලින් වරකා තබා තරුණිය හා ඇගේ මව එතනින් නික්මුණේ දිවා ආහාරය පිළිගැන්වූ මේසය අස්පස් කර දැමීමටය. ඔහු වරකා කන තෙක් මුලුතැන්ගේ වැඩවල නිරත වූ මව සහ දියණිය නැවත මනාලයා සිටි තැනට පැමිණියේ තව වරකා දෙන්නද පුතේ’ කියා මනාලයාගෙන් අසමිනි.
මනාලයාගේ පිළිතුර වූයේ ‘තව පොල් තෙල් ටිකක් තිබ්බොත් තව වරකා ටිකක් කන්න ඇහැකි’ යනුවෙන් පවසමිනි.
මනාලයාගේ පිළිතුරෙන් අන්ද මන්ද වූ මව සහ දියණිය මුහුණෙන් මුහුණ බලා ගත්තේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ රඳවා ගනිමිනි. වරකා සමග පොල් තෙල් බෝතලයක් තැබූ නැන්දම්මා ක්ෂණයකින් බෝතලය දෙස බැලුවේ පොල්තෙල්වලට කුමක් සිදුවීද යන කුකුසෙනි. කාරණය තේරුම් ගත් මව සහ දියණිය දුටුවේ මනාලයා පොල් තෙල් යහමින් තවරාගන වරකා කෑම නිසා පොල්තෙල් බෝතලය අවසන් වී ඇති බවය.