පොල් මිලට ඔච්ච්ම් කළාට මුදලාලිගෙන් පොල් අඩි
මාතරට නුදුරු උප නගරයක සති පොළකි. ගමේ පොල් හිඟයක් වූයෙන් පොල් ගෙඩි කීපයක් මිලදී ගැනීමට ඔහු පසුගියදා මේ පොළට ආවේ උදේ පාන්දරය. එහිදී ඔහු දුටුවේ එක් එක් ප‍්‍රමාණයට වර්ග කරන ලද පොල් ගොඩකි. ඔහු ඉන් ලොකු මට්ටමේ පොල් ගෙඩියක මිල ඇසීය.
”ලොකු ඒවා පනහයි” වෙළෙන්දා කීවිට ඔහු මහ හඬින් ”පුහ්” කීවේය.
”පොඩිම ඒවා? ”ඔහු යළි ඇසීය.
”තිස් පහයි” වෙළෙන්දා කී විට ඔහු යළිත් ”පුහ්” කීවේය. අවට වුවෝ සිනාසුණහ.
වෙළෙන්දා එක්වරම පොල් ගෙඩියක් ගෙන ඔහුට දමා ගැසුවේ කෝපයෙනි. එය වැලමිටෙහි වැදී ඔහු කෙඳිරි ගාගෙන ඉවතට දිව ගියේය.
පසුව අසල වූ මුර පොළෙන් පොලිස් නිලධාරියකු කැඳවාගෙන ඔහු ආ විට වෙළෙන්දා කීවේ ”මම දහ අතේ ඇවිදාල මේව ගෙනාවේ සර් මෙයාගේ විහිළුවට යකා වැහුණා” කියාය.
”තමුන් කට පරෙස්සම් කර ගන්නවා” පැමිණිලිකරුට කී පොලිස් නිලධාරියා තමුන් ආවේග පාලනය කර ගන්නවා” වෙළෙන්දාට කියමින් දෙදෙනාම සමාදාන කොට ආපසු ගියාලූ.

