පුතාගේ වයය හැංගූ මවට ටිකට් දෙකක්ම ගන්න වෙලා


අකුරැස්සේ සිට කඹුරුපිටිය  හක්මන බසයක් බලා එයට  කඹුරුපිටියේදී මවක් හා පුංචි පුතෙක් ගොඩවූහ.
”හක්මනට ටිකට් එකක් දෙන්න” ඇය මුදල් දෙමින් කොන්දොස්තරට කීවාය.
”මේ ළමයට අවුරුදු හතරට වැඩියිනේ ටිකට් එකක් ගන්න   ඕන” කොන්දොස්තර කීවේය.
”එයාට තවම හතරක් වුණේ නෑ” මව කීවාය.
”නෑ අම්මේ .. මගේ වයස දැන් අවුරුදු හතයි.  මම දැන් ඉස්කෝලේ දෙකේ පන්තියේ  අම්මේ” දරුවා උස් හඬින් කීවේ මවට චෝදනාවක් ලෙසිනි.මවට කට උත්තර  නැතිවිය. කොන්දොස්තර ළමයාටත් ටිකට් පත‍්‍රයක් නිකුත් කර මුදල් අයකර ගත්තේය.