පරණ සෙරෙප්පු කුට්ටම පෙට්ටියට දමා අලූත් දෙකක් ගනිද්දී මාට්ටු


අවුරුදු උත්සවය නිමිත්තෙන් වෙළෙඳසලක පැවැති තොග අවසන් කිරීමේ සේල් පොළකදී පැළඳ සිටි පරණ පාවහන් පෙට්ටියට දමා අලූත් පාවහන් කූට්ටමක් දමාගෙන පිටවීමට සැරසෙද්දී එහි සිටි ආරක්ෂකයකුගේ උකුසු ඇසට හසු වී උත්සාහය ව්‍යර්ථ වූ සිද්ධියක් කොළඹ ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
එය උත්සව සමයේ පාවහන් අඩුවට දෙන තැනකි. ඒ නිසා විශාල පිරිසක් දිනපතා මෙහි පැමිණ තිබේ.
අලෙවි කරන පාවහන් වල ආරක්ෂක මුද්‍රා නොමැති නිසා රිසි සේ තෝරාගෙන කවුන්ටරයට පෙන්වා මුදල් ගෙවා රැගෙන යාමට ආයතනය ගැණුම්කරුවන්ට අවසර ලබාදී තිබුණි.
ඒ අනුව ගැණුම්කරුවන් අතරේ පැමිණි කාන්තාවක් දෙපයේ තිබූ පැරණි පාවහන් කුට්ටම අලූත් ඒවා තිබූ පෙට්ටියට දමා අලූත් පාවහන් කුට්ටම දෙපයේ දමාගෙන පිටවීමට සැරෙසන අයුරු එහි සිටි ආරක්ෂකයකු දැක එහි ප‍්‍රධානියකුට මේ බව පවසා තිබේ.
පසුව එකී කාන්තාව පරීක්ෂා කර ”සල්ලි නෑ කිව්ව නම් ඉවරයිනෙ මොකටද හොරකම් කළේ?” කියා එතැනින් ඉවත් කරද්දි ලැජ්ජාවට පත් කාන්තාව පරණ පාවහන් දෙකෙන්ම නැවත ගෙදර ගිහින්ලූ.