කන්ද උඩරට ගම්මානයකි. එකී පළාතේ අඹුසැමි යුවළක් තනිව ජීවත්වන්නේ සිය එකම පුතා රජයේ කන්තෝරුවක සේවය කරන හේතුවෙන්ය.
ගොවිතැනට හුරු මහලු ජෝඩුව යමක් කමක් උයා පිහාගෙන කෑව ද රසමස වුලු සොයනවාට වඩා එදා වේල පිරිමහගන්නට දඟලන්නේ රටේ පවතින ආර්ථිකේ ගැනද සිතලාය. දිනක් සිය නිවසට යාබද හෝටලයට ගිය දරුවන්ගේ තාත්තා කටට රහට කන්න වඩේ දෙකක් මිලදී ගත්තේ මුදලාලිට රුපියල් හතළිහක් ද දෙමිනි. මුදලාලි ද බෑගයකට දමා වඩේ දෙක දුන්නේ ඒ වෙනවිටත් උදේ දහය පහුවෙලා තිබූ හේතුවෙන්ය.
දහයේ තේ එකට වඩේ කන්න ගිය දරුවන්ගේ තාත්තා පැය දෙකකට පමණ පසු යළිත් පෙර කී හෝටලයට ආවේ වඩේ ගෙනගිය බෑගය ද අතැතිව ය. ‘‘පුතා වඩේවලට නයි මිරිස් දාලා නැන්දාට නයි මිරිස් කන්න හොඳ නැහැ. ඒ හින්දා එක වඩේ එකක් ගෙනාවා” යැයි කියමින්ය. මුදලාලිට ඉහමොළ රත් වූයේ නයි මිරිස් කාලා නම් නොවේ.” මාමා අපි කඩෙන් අරගෙන ගිය භාණ්ඩයක් ආපසු නම් භාර ගන්නේ නැහැ. අනේ සමාවෙන්න. ඕන නම් ඔයාගේ රුපියල් විස්ස දෙන්නම් කියූ පසු ඔහු පවසා ඇත්තේ ”හා එහෙනම් කමක් නෑ රුපියල් විස්ස දෙන්න කියාය. මුදලාලිගෙන් ගත් රුපියල් විස්ස ද ඉතුරු අතේ තිබූ වඩය ද රැගෙන හෙතෙම ගියේ කිසිත් නොවූ ගානටය.
නාවලපිටිය සිසිර ලලිත් කුමාර