කොළඹට නුදුරු සරසවියක අවසන් වසර ශිෂ්‍යාවකි. පසුගියදා ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ පියා බලවත්ව රෝගී වූ හෙයින් කොළඹ සේවය කරන සොහොයුරා සමග ගෙදර එන ලෙස දන්වමිනි.
තම ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේ දී එහි බැටරිය අක‍්‍රියවී තිබීම නිසා එය සක‍්‍රිය කරගෙන යා යුතු හෙයින් ඇය චාජරයක් සවි කොට විදුලියට සම්බන්ධ කළාය. සක‍්‍රිය වූ පසු එය ගලවා බෑගයේ දමා ගත්තාය.
කොළඹ ප‍්‍රධාන බස් නැවතුම්පොළට ගොස් සොහොයුරාට දුරකථන ඇමතුමක් දීමට බෑගය විවෘත කොට ජංගම දුරකථනය සෙවූ ඇයට දෙවියන් සිහි වූයේ දුරකථනය කාමරයේ තිබිය දී ඇය චාජරය බෑගයේ දමා ගෙන පැමිණ ඇති බවයි.
කෙසේ හෝ සන්නිවේදන මධ්‍යස්ථානයකට ගොස් දුරකථන ඇමතුමක් දී සොහොයුරා සමග ගෙදර ගොස් ආපසු ආවත් යෙහෙළියන් ”කෝල් එකක් ගන්න චාජරය දීපන්” කියු විට දැන් ඇය යක්‍ෂාරූඪ වෙනවාලූ.

