දුක බෙදා හදාගන්න කසිප්පු බූලියකුත් අරන් මළ ගෙදරට ඇවිත්
මළගෙදරකි. රෑ දෙගොඩහරියේ මළ ගෙදර පිටුපස ඇති හරක් ගාල පැත්තේ මහත් කලබැගෑනියකි.
ඔහේ..... හිටපියව්..... තොපි දුවලා බේරෙන්නද හදන්නේ.....? ඒවා කොහෙද මාත් එක්ක.... කුදලලා තමයි අරන් යන්නේ.
මළ ගෙදර සිටි සියල්ලන්ගේම පාහේ නෙත් සිත් ඒ දෙසට යොමු වුණි.
ක්‍ෂණිකව වගේ පොලිස් ජීප් රථයක් මළ ගෙදර ඉදිරිපිට නවත්වනු ලැබීය. සාජන් මුං ඔක්කොම දානවා ජීප් එකට. ඒ ඕඅයිසී මහත්තයාගේ නියෝගයකි.
සුදු පාට බූලියක් ද අතැතිව ඕඅයිසී මහත්තයා කෙනකුගේ බෙල්ල ළඟින් අල්ලා ගෙන ජීප් රථය අසලට පැමිණියේය.
ඈ..... යකෝ..... මළ ගෙවල්වලට එන්නේ කනමදය වගේ බොන්නද? නැත්නම් දුක බෙදා හදා ගන්න දැයි බෙල්ලෙන් අල්ලා ගෙන සිටි පුද්ගලයාගෙන් ඕඅයිසී මහත්තයා ඇසුවේය.
දුක බෙදා හදා ගන්න තමයි සෑර්..... ඒ වුණාට අමුවෙන්ම ඒක කරන්න බැරි නිසා තමයි ඉස්සෙල්ලා කසිප්පු ටිකකින් වැඬේ පටන් ගත්තේ.

