වේගවත්ව දියුණුවට ලක්වන දකුණු පළාතේ ගම්මානයක වූ සිවිල් ආරක්‍ෂක කමිටු රැස්වීමකි. එහි විශේෂයක් වූයේ ගමේ දරු දැරියන් අතර ගම පිළිබඳ දැනුම මිනුම තරගයක් ද පැවැත්වීමයි.
දරුවන්ට පිළිතුරු දීමට නොහැකි වූ ප‍්‍රශ්න සභාවට යොමු කිරීමෙන් පසු ඊට පිළිතුරු දෙන අයට ද ත්‍යාග හිමිවිය.
ගම් සබා ක‍්‍රමය පැවති අවදියේ ගමේ නියෝජිතයා වූයේ කවුදැයි අසන ලද ප‍්‍රශ්නයට දරුවන් විවිධ නම් කීවත් ඒවා පිළිගැණුනේ නැත. අවසානයේ එය සභාවට යොමු කෙරිණ.
සභාවේ සිටි වියපත් මවක් ”මැම්බර මහත්තයා”යි කීවාය.
පිළිතුර නිවැරදි වූයෙන් ඇයට ද සභා රැුස්වීම අවසානයේ ත්‍යාගයකට හිමිකම ලැබිණ. අත්පොළසන් හඬ මැද ඉදිරියට ගිය ඇයට ලැබුණේ කවකටු පෙට්ටියකි. අන්දමන්ද වූ ඇය ”මේ හත් ඉලව්වෙන් මට ඇති වැඬේ මොකක්ද”යැයි සංවිධායකවරයාට කී විට ත්‍යාග සඳහා ගෙනැවින් තිබූ සුදු රෙද්දකට කවකටු පෙට්ටිය මරු කළා ලූ.

