දරුවකු මියගියැයි බොරුකියා මරණාධාර සමිතියෙන් දහදාහක් අරන් පදමට ගහලා


බිරියට නිවුන් දරුවන් දෙදෙනකු ලැබුණු බවත් ඉන් එක් දරුවකු මියගිය බවත් පවසා මරණාධාර සමිතියෙන් රුපියල් දහදාහක් වංචාවෙන් ගත් පුවතක් හාලිඇල ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
දරු ප‍්‍රසූතිය සඳහා තම බිරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ සැමියා හාලිඇල නගරයට පැමිණ ඇත. තමා සන්තකයේ මුදල් නොමැතිවීම නිසා ඔහුට අපූරු අදහසක් පහළ විය. ඔහු සාමාජිකත්වය දරන මරණාධාර සමිතියේ නිලධාරීන් හමුවී තම බිරිය දරුවන් දෙදෙනකු බිහිකළ බවත් ඉන් එක් දරුවකු මිය ගිය බවත් මළ සිරුර වත්තට රැුගෙන නොඑන බවත් පවසා මරණාධාරය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
වහාම ක‍්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනා හාලිඇල ලංකා බැංකුවට පැමිණ රුපියල් දස දහසක මරණාධාරය ලබා දී තිබේ. පැය ගණනක් ගිය පසු එම පුද්ගලයා හොඳ හැටි මත්පැන් බී පදම් වී සිටිනු දුටු නිලධාරීන්ට සැකයක් පහළවී ඇත. ඔවුන් පසුව රෝහලට ගොස් කරුණු සොයා බලද්දී බිරිය එක් දරුවකු ප‍්‍රසූත කළ බවට හෙළිවී තිබේ.
තොරතුරු දැනගත් නිලධාරීන් වහාම බදුල්ල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර පසුව මරණාධාරය වෙනුවෙන් ලබා දුන් රුපියල් දස දහස නැවත සමිතිය වෙත ගෙවීමට අදාළ පුද්ගලයා පොලිසියේ දී එකඟවී ඇත.