කිලෝ පේර ගේන්න කිව්වාම අලිගැට පේර ගෙනල්ලා


නොබෝදා පත්වීමක් ලැබූ ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු ඇමතූ කාර්යාලයේ උසස් නිලධාරියෙක්, ‘‘එස්.  ඕ. මට අලි ලොකු පේර ගෙඩියක් කපලා මිරිස් කුඩු ලූණු කුඩු දාලා ගේන්න තවත් ගෙඩි හතරක් කපන්නේ නැතිව ගෙන්න” යැයි පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා පලතුරු කඩයකට ගොඩවී ඉදුණු ලොකු අලිගැට පේර ගෙඩියක් කපාගෙන, ඇටය ඉවත් කර, මිරිස් ලූණු යනාදිය එයට දමාගෙන බාගෙට ඉදුණු ගෙඩි හතරක් ද මිලට ගත්තේය.

මිරිස්, ලූණු දැමූ අලි ගැට පේර ගෙඩිය දුටු නිලධාරියා, ”මේ මොනවද ගෙනත් තියෙන්නේ” මම කීවේ මේ පේර නෙමෙයිනේ” යැයි කීය. ‘‘ ලොකු අලි පේර තමයි සර් ඔය තියෙන්නේ’’, ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය. ”නැහැ ළමයෝ මට  ඕනෑ අලිගැට පේර නෙමෙයි. ලොකුවට තියෙන පේර’’. නිලධාරියා පැහැදිලි කළේය. ”සර්ට  ඕනේ කිලෝ පේරද?’’ ආරක්‍ෂක නිලධාරියා විමසූ විට ‘‘අන්න හරි ඒවා තමයි” අනෙක අලිගැට පේරවලට මිරිස් ලූණු දාලා කන්නේ නැහැනේ. නිලධාරියා පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා ආපසු පලතුරු කඩයට ගියත් එහි කිලෝ පේර නොවීය. වෙනත් පලතුරු කඩයකින් කිලෝ පේර පහක් තම වියදමින් මිලදී ගත් ඔහු එකක් කපා මිරිස් ලූණු කුඩු ආදිය දමා ආපසු පැමිණියේ ”මේවාට තමයි කියන්නේ අතින් කාලා හරක් බැලූවා වගේ”යැයි තමාට කියා ගනිමිනි. බොරැුල්ල නගරයේ ඉංගිරිසි නමක් ඇති තැනකින් මේ කතාව අසන්නට ලැබිණි.