එදා සිකුරාදා දිනයකි. කාර්යාලයට පැමිණි කළමනාකාර මහතා සේවකයකු අමතා ”ප‍්‍රියන්ත” (අන්වර්ථ නාමයකි) හෙට කාවහරි දාලා ඔෆිස් එක වටේ ශුද්ධ කරලා දාන්න. ඩෙංගුවලට චෙක් කරන්න ආවොත් ප‍්‍රශ්න ඇතිවෙයි” යැයි පැවසීය.
මිදුලට පැමිණි සේවකයා උභතෝකෝටික ප‍්‍රශ්නයකට මැදිවිය. හේතුව සෙනසුරාදා චිත‍්‍රපටයක් නැරඹීමට තම පෙම්වතියට පොරොන්දු වීමය. අයෙක් යොදවා කාර්යාලය අවට පිරිසුදු කිරීමට සිදුවුවහොත් චිත‍්‍රපටය බැලීමට නොහැකි වන බව ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. සේවය නිමාවී මිතුරන් හමුවූ හෙතෙම තම ගැටලූව ඔවුනට ඉදිරිපත් කළේය. මිතුරෝ ඔහුගේ ගැටලූවට මැදිහත් වී පසුදා උදේ කාර්යාලයට ගොස් වරුවෙන් වැඩ හමාර කළහ. පෙම්වතිය මුණගැසුණු සේවකයා ඇය සමග සිනමා ශාලාවට ගොස්, ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම සඳහා පෝලිමේ සිටින්නට විය. මේ අතර කාර්යාලයේ කළමනාකාර මහතා තම වාහනයෙන් සුපිරි වෙළෙඳසලකට පැමිණ භාණ්ඩ මිලදී ගෙන යන අතර සිනමා ශාලාවේ පෝලිම දෙස බැල්මක් හෙළීය. තම සේවකයා තරුණියක් සමග පෝලිමේ සිටිනු දුටු ඔහු මවිතයට පත්විය. තම වාහනය සේවක මහතා හඳුනන බැවින් එය ඉදිරියට ධාවනය කරවූ කළමනාකරු, සේවකයාට නොපෙනෙන තැනක එය නවත්වා දුරකතන ඇමතුමක් දී ”ආ ප‍්‍රියන්ත කොහෙද ඉන්නේ” යැයි ඇසීය. ”සර් මම ඔෆිස් එකට ඇවිත් කෙනෙක්ව දම්මලා ශුද්ධ කරවනවා” ඔහු පැවසීය. වැඩ ටික හොඳට කෙරෙනවා ද?” කළමනාකරු විමසීය.
”ඔව් ඔව් සර් වැඬේ නියමෙට කෙරෙනවා” ඔහු කීය. කීය. සඳුදා පැමිණි කළමනාකරු, කාර්යාල මිදුලේ තණකොළ උදළු ගා කාණු ද පිරිසිදු කොට තිබෙනු දැක විශ්මයට පත්විය. තමා පෙර දින සිනමා ශාලාව අසල දුටුවේ කවුදැයි තවම ඔහුට අබිරහසකි.

