කරුණාවන්ත කොල්ලකරු ගලවාගත් මුද්ද ආපසු දී ගිහින්
මහ දවල් ගිනි අවි රැගෙන බැංකුවට කඩා වැදුණු කොල්ල කරුවන් දෙදෙනකුගෙන් එක් අයකු එහි වූ නිලධාරිනියකගේ මුද්දක් ගලවා ගෙන එය ආපසු ඇයට දීමේ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
මෙය සණස ප‍්‍රාදේශීය බැංකුවකි. ගමේ හුදකලා ස්ථානයක පිහිටි මේ බැංකුවට කොල්ලකරුවන් ඇතුළු වී මුදල් කොල්ලකෑමට උත්සාහ ගත්තත් එම මුදල් සේප්පුවක දමා ඇති හෙයින් කළමනාකරු හා ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය අත තිබූ මුදල් හා ඔවුන් පැළඳ සිටි මාල, වළලූ හා මුදු ද ගලවාගෙන පලායාමට සූදානම් වූහ.
ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය දැඩි සේ වැළපෙමින් ආයාචනා කළේ අනිත්වා ගෙන ගියත් තම ඇඟිල්ලේ දමා තිබූ මංගල මුද්ද ආපසු දෙන හැටියටය. එය ගලවා ගත් සොරා මංගල මුද්ද යළි ඇගේ අඟිල්ලටම ඔබා ආපසු දිව ගියේ සොරකු වූවත් මිනිස්කම හදවතේ ගැවී ඇති බව ප‍්‍රදර්ශනය කරමින් ලූ.

