රාති‍්‍රයේ කාන්තාවන් නිදන කාමරවලට එබිකම් කරන්නට ගොස් අතේ ඇඟිලි පහක් අහිමිකරගත් තරුණයකු ගැන දෙනියාය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
පාසලක ගුරුනේවාසිකාගාරයකට අඳුර වැටී පැය කිහිපයක් ගතවීමත් සමග එබිකම් කිරීමට තරුණයෙක් පුරුදුවී සිටියේය. ඔහු අල්ලා ගැනීමට දින කිහිපයක් ගුරුවරියන් වෙහෙසුනද එම වෑයම අසාර්ථක විය.
මෙම තරුණයාගේ කි‍්‍රයා කලාපය ගුරුවරියන්ට මහත් හිසරදයක් විය. මාසයක පමණ සිට මේ තරුණයා ගැන සෝදිසියෙන් සිටි ගුරුවරියෝ එක් දිනක් නිදි වර්ජිතව සිටීමට කතිකා කර ගත්හ.
එදින අඳුර වැටී පැය කිහිපයක් ගතවනවිට ගුරු නිවාසයේ ජනේලයක් ළඟින් ශබ්දයක් ඇසෙන්ට විය. එක් ගුරුවරියක් කුස්සියේ තිබූ මන්නා පිහියක් අතට ගෙන ජනේලය අසල රැුක සිටියාය. ජනේලයෙන් අතක් ඇතුළු වන අයුරු ගුරුවරියට දැක ගත හැකිවිය. දෑත බදා මන්නයෙන් එම අතට පහර දුන්නාය.
මසක පමණ කාලයක් මනමාලකම් කරමින් සිටි තරුණයා පස්ස නොබලා දිව ගියේ ලේ පෙරාගෙනය. තුවාල වූ අතට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් දමා ගන්න ගියවිට මේ පුවත පිළිබඳව ගම්වාසීන්ට දැන ගැනීමට හැකිවිය. ඇඟිලි පහ කපා ගත්තා මදිවාට ගම්වාසීන්ගෙන් ගුටි පූජාවකටද තරුණයා මැදිවිය.

