දකුණු පළාතේ අගනුවර පිහිටි වාණිජ කටයුතුවලට සම්බන්ධ කාර්යාලයක අවිවාහක තරුණ මාණ්ඩලික නිලධාරියකු වූ ඔහුගේ ගම් ප‍්‍රදේශය නගරයෙන් කිලෝ මීටර් හයක් පමණ රට ඇතුළේය.
හැමදාමත් ගෙදරින් දිවා ආහාරය ගෙන එන ඔහු එදිනද කෑම පාර්සලයක් ගෙනැවිත් තිබුණත් එය පසෙකින් තබා සුළු සේවකයකු ලවා කඩෙන් කෑම එකක් ගෙන්වා ගත්තේය. කෑම එක ගෙනා සේවකයාට තමා ගෙදරින් ගෙනා කෑම පාර්සලය දුන්නේ සිනාසෙමිනි.
”ඇයි සර්” සේවකයා ඇසුවේ කුතුහලයෙනි.
”මගේ ඇෙඟ් එල්ලෙන්න බලාගෙන ඉන්න නෑදෑ සක්කර වට්ටමක් ඊයේ අපේ ගෙදර ආවා. මේක මටම කන්න කියල උදේම දුන්නා. මේකට ඉනා බෙහෙතක්වත් දැම්මද දන්නෙ නෑ. ඒකයි.” ඔහු පැවසුවෙන් සේවකයාට දෙවියන් සිහි විය.
ඒත් ලොක්කාගේ උපදෙස් පරිදි හැමදෙනාම එය බෙදාගෙන කෑවත් අමුත්තක් නම් දැනුණේ නැතිලූ.

