වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණි අයකු තම හිතවතකුට දුන් මත්පැන් බෝතලයක් මිතුරකු සමග පානය කිරීමට සැරසෙද්දී එය ඔලිව් තෙල් බෝතලයක් වීමේ අපූරු පුවතක් මහනුවරින් වාර්තා විය.
ඉතාලියේ වසර ගණනාවක් සේවය කොට ලංකාවට පැමිණි පුද්ගලයකුගේ සුවදුක් විමසීමට ඔහුගේ ළඟම හිතවතකු නිවෙසට පැමිණියේය.
කාලයකින් හමුවූ තම මිතුරාට ඉතා හොඳින් සංග‍්‍රහ කොට දීර්ඝ වේලාවක් ආගිය තොරතුරු ද කතා කිරීමෙන් අනතුරුව මිතුරා ආපසු යෑමට සැරසෙද්දී ඔහුට ඉතා ලස්සන කඩදාසියකින් ඔතන ලද බෝතලයක් ද තෑගි කෙරිණි.
බෝතලය තෑගි ලද මිතුරා පස්වනක් ප‍්‍රීතියෙන් පිනාගොස් අද නම් හොඳ දවසක් යැයි කියමින් නිවෙසට ආපසු යන ගමන්ම ඔහුගේ මිතුරෙකුගේ නිවෙසකට ගොස් අද සවස් කාලයේ තම නිවෙසට පැමිණෙන ලෙස ආරාධනා කරමින්ම නිවෙසට ගියේය. හොඳින් ලූණු ඇඹුල් එක්කොට කට කැස්මක් ද සකස් කැරිණි.
පැවසූ ආකාරයටම වේලාවට මිතුරා පැමිණියේය. බෝතලය ද කටගැස්ම ද මේසයට ආවේය. ආගන්තුක සත්කාර දත් මිතුරා තම මිතුරාටම බෝතලය කඩා වත්කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. බෝතලය කඩා වත්කර ගන්නා විට එය තෙල් වර්ගයක් මෙන් වීදුරුවට හැලෙන්නට විය.
බෝතලයේ ලේබලය පරීක්ෂා කිරීමට මිතුරන් දෙදෙනා පෙළඹුණේ එවිටය. එහි පිරිසුදු ඔලිව් ඔයිල් යනුවෙන් ඉංග‍්‍රීසියෙන් සටහන් කොට තිබිණි.

