අපේ‍්‍රල් පළමු වැනිදා කී බොරුවට කාර්යාලයේ පිරිස රැවටිලා


කාර්යාලයේ වැඩකරන අයකුගේ නැන්දා හදිසියේ මියගොස් ඇතිබව දැන්වීම නිසා ඔහුගේ හිතවතුන් ශෝක ප‍්‍රකාශ හා බැනර් රැගෙන සවස අවමඟුල් උත්සවය තිබෙන තැනට ගියවිට එය හිතවතා අපේ‍්‍රල් පළමුවනදා ඔවුනට කළ විහිළුවක් බව දැනගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණි සිද්ධියක් කොළඹට ආසන්න රජයේ කාර්යාලයකින් අසන්නට ලැබුණි. සිද්ධිය සැකෙවින් මෙසේය.
සේවකයා තම නැන්දා ලෙඩින් පසුවෙන බව ඔහුගේ කාර්යාලයේ අයට කියා තිබී ඇත. මේ අතරේ ඔහු අපේ‍්‍රල් පළමුවැනිදා සේවයට නොපැමිණි නිසා මිතුරෙක් ඒ ගැන විමසූවිට මචං අද මට එන්න වෙන්නේ නෑ. අපේ නැන්දා මියගියා අනෙක් අයටත් කියපන් පුළුවන්නම් වරෙල්ලා කියා ඇත.
මෙය ඇසූ මිතුරා ඒ බව කාර්යාලයේ අනෙක් අයට ද කීය. ඔහුගේ පණිවිඩය විශ්වාස කළ සෙසු මිතුරන් දුකට පත්ව අවමඟුල් නිවෙසට යාමට කතිකා කරගෙන අවශ්‍ය බැනර් ශෝක ප‍්‍රකාශ හා කවිකොළ ආදිය ද සකසාගෙන අවමඟුල් උත්සවය තිබෙන තැනට ගිය විට සුදු කොඩියක්වත් පේන මානයක දක්නට නැති නිසා ඒ ගැන විපරම් කර බලද්දී එය මිතුරු සේවකයා අපේ‍්‍රල් පළමුවැනිදා කළ විහිළුවක් බව වටහාගෙන ගිය පිරිස ආපසු හැරී කාර්යාලයට පැමිණ ඇත්තේ ගමන රහසක් ලෙස තබාගන්නා මෙන් ගිය අයට පවසමින්ලූ.