අපාය බලන්න ආ තරුණියන්ගේ අත් ඇල්ලූ යම පල්ලන්ට ගුටි


හෝමාගම නගරයට නුදුරු ගමක පෙන්වූ අපාය දර්ශන රැගත් බිංගෙයකි. බිං ගෙයට ඇතුළුවීමට තිබුණේ මකර කටකිනි.
 බිංගෙට ඇතුළුවූ අවස්ථාවේ පටන් දක්නට ලැබුණේ අපායේ දර්ශනයන්ය. අපායේ දර්ශන දැක බියෙන් හා ත‍්‍රාසයෙන් ඇළලී ගියේ වැඩිපුරම කුඩා දරුවන් සහ තරුණියන්ය.
බිංගෙය අවසානයේ මහ වළකි. වළේ දර්ශනය වූයේ යම පල්ලන් වැරදි කළ නරයන්ට දෙන දඬුවම් ය. එම දර්ශන දුටු තරුණියන් පිරිසක් බියෙන් ඇලලී ඇස් වසා ගෙන යාමට සැරසෙනවාත් සමග වළ ඇතුළේ සිටි යම පල්ලන් පිරිසක් තරුණියන්ගේ අතින් අල්ලා ඇද්දාලූ. ඒ බව දුටු තරුණ පිරිසක් යමපල්ලන්ට නොසෑහෙන ලෙස අතින් පයින් සංග‍්‍රහ කළාලූ.