
(නිමල කොඩිතුවක්කු)
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනහකට ආසන්න පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 300 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල ඇතුලු රෝහල් කිහිපයකින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇතැයි ද ඔහු කීවේය.
සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගනිමින් කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, ප්‍රවාහන පහසුකම්, විවේකය ලබා දීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද රත්නප්‍රිය මහතා පැවසීය.

