පෙරමඟ වැඩසටහන’ යටතේ රාගම උතුරු කොළඹ සහ පානදුර ශික්ෂණ රෝහල් සඳහා ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමිණි.
ඖෂධ හා සුව සේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුලරත්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හා නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි පවුලේ සාමාජිකයන් එක්ව පෙරමඟ වැඩසටහන ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එම වැඩසටහනට එක්ව සිටී.
විශේෂඥ වෛද්‍ය චංග කුලරත්න මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක පෙරමඟ වැඩසටහන ක්‍රියාත්මක වේ. එහි වැඩසටහනක් ලෙස රජයේ රෝහල් 33කට ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කරමින් වයිරසය පාලනය කිරීම සඳහා පහසුකම් සැපයීම ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර ලෙස රාගම උතුරු කොළඹ සහ පානදුර ශික්ෂණ රෝහල් සඳහා ‘කොවිඩ්-19’ රෝගීන් පරීක්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමිණි.
055



